නිදහස් කුසලාන තුන්කොන් විස්‌සයි විස්‌ස තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්‌ථාන දිනා ගැනීමට සමත්ව ඇති අතර එහිදී තිසර පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර හයවැනි තැනට පත්ව තිබේ.

තිසර එම තරගාවලියේ පිත්තෙන් ලකුණු 95ක් රැුස් කිරිමට සමත්වූ අතර බංගලාදේශය සමග පැවැති තරගයේ රැුස් කළ විශිෂ්ට ඉනිම කැපී පෙනුනි.

හොඳම විස්‌සයි විස්‌ස තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස ඔස්‌ටේ්‍රලියාවේ ග්ලෙන් මැක්‌ස්‌වෙල් පත්ව ඇති අතර දෙවැනි තැන ඇෆ්ගනිස්‌ථානයේ මොහොමඩ් නබීටත් තෙවැනි තැන ෂකීබ් අල් හසන්ටත්, සිව්වැනි තැන මාලන් සැමුවෙල්ට සහ පස්‌වැනි තැන ඡේ.පී. ඩුමිනිට හිමිව තිබේ.

එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරග හතරකදී අර්ධ ශතක 03ක් සමගින් ලකුනු 204ක් රැස් කළ කුසල් පෙරේරා විස්‌සයි විස්‌ස පිතිකරුවන් ශ්‍රේණීයේ 20 වැනි තැනටත්, අර්ධ ශතක 02ක් සමගින් තරගාවලිය පුරා ලකුණු 134ක් රැස් කරමින් කුසල් මෙන්ඩිස්‌ 48 වැනි තැනටත් පත්ව ඇත.

තුන්කොන් තරගාවලියේ කඩුල 04ක් දවාගත් අකිල ධනංජයට විස්සයි විස්ස පන්දු යැවන්නන් අතර 35වැනි ස්ථානයට පත්ව ඇත.

LEAVE A REPLY