කිසිවිටෙකත් විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වීමට සූදානමක් නොමැති බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට දැනුම් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට විදේශීය විනිශ්චකාරවරුන් ගෙන්වීමේ අදහස ක්‍රියාත්මක කළ යුතු බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මීට සති දෙකකට පෙර ප්‍රකාශ කළ බවයි.
පැය 24ක් යාමට පෙර ඊට ප්‍රතිචාර දක්වමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.
කොළඹ පදනම් ආයතනයේදී එම සාකච්ඡාව පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බවයි.
කිසිඳු ගිවිසුමකට බැදී නොමැති තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තින් හා දර්ශනය ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

LEAVE A REPLY