ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පන්දුයවන්නකු වන ලසිත් මාලිංගට මෙන්ම ඩිල්ෂාන් මුණවිර හා විකුම් සංජය ඇතුලු ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකුට එරෙහිව පෞද්ගලික පළිගැනීමටක් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

2017 වසරේ සැප්තැම්බර් මාසයේ සනත් ජයසූරිය සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු එම ධූරයට ග‍්‍රැහැම් ලැබ්රෝයි පත්වූ අතර ඉන් පසු ඔහු ක‍්‍රීඩකයින්ගේ වෘත්තීය ජීවිතය විනාශ කිරීම ආරම්භ කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි

දේශපාලන බලපෑම් මත තම රැකියාව සුරක්ෂිත කරගැනීමේ අරමුණින් චතුරංගද සිල්වා,සචිත් පතිරණ වැනි ක‍්‍රීඩකයින් විස්සයි විස්ස කණ්ඩායමට කැදවූ බවත් වෙළදසේවා තරගාවලියේ ප‍්‍රහාරාත්මක වේගය 300ක් වැනි ඉහළ අගයක් රදවා ගත් තක්ෂිලද සිල්වා වැනි ක‍්‍රීඩකයින් ජාතික කන්ඩායම තෝරා නොගත් බවත් එහි දැක්වෙයි.

ජාතික කන්ඩායමට අමතරව ලැබ්රෝයි 19න් පහළ කණ්ඩායමද විනාශ මුඛයට ඇද දමා ඇති අතර නිමාවට පත්වු ලෝක කුසලාන තරගාවලියේදී දේශපාලන වුවමනාකම් මත සන්තුෂ් ගුණතිලක ක‍්‍රිඩකයා එම තරගාවලියට ඇතුලත් කිරීමට පියවර ගත් අතර 19න් පහළ ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන හසිත බෝයගොඩ තීරණාත්මක තරග වලදී ඉවත් කිරීමටද කටයුුතු කළේය.

නිදහස් කුසලාන තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සිව්දින සුපිරි පළාත් තරගාවලියක් සදහා කණ්ඩායම් නම් කළ අතර තේරීම් කමිටු සභාපති ලැබ්රෝයි ඩිල්ෂාන් මුණවීර,විකුම් සංජය,චරිත් අසලංක,භානුක රාජපක්ෂ වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයින් කිසිදු කණ්ඩායමකට නම් නොකිරීමට කටයුතු කළේය.

සනත් ජයසූරියට තේරීම් කමිටු සභාපති වශයෙන් සිටියදී විශේෂයෙන්ම මුණවීර හා විකුම් සංජය ඉතා හොදින් දස්කම් දැක්වීමට සමත්වූ අතර ලැබ්රෝයි පත්වීමත් සමග ඔවුන් ඉවතට විසිවිය.

පාසල් කාලයේ සිට විශිෂ්ට තුන්ඉරියව් ක‍්‍රිඩකයකු ලෙස දස්කම් දැක්වූ අනාගතයේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තරම් සුදුසුකම් ඇති චරිත් අසංකටද මෙම තරගාවලියේ එක් කන්ඩායමක වත් ස්ථානයක් හිමිනොවීම පුදුමයට කරුණකි.

තවද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අනාගත ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වශයෙන් හදුන්වන භානුක රාජපක්සට එම සිව්දින තරගාවලියේ ස්ථානයක් හිමිවී නොමැති අතර ශ‍්‍රී ලංකා ජාතික කන්ඩායම නියෝජනය කළ පැරණි ක‍්‍රීඩකයින් වන චාමර සිල්වා තරංග පරණවිතාරණ වැනි ක‍්‍රීඩකයින් මෙයට ඇතුළත් කර තිබීම තවත් පුදුමය දනවන කරුණකි.

කෙසේ වෙතත් ලැබ්රෝයි ගන්නා මෙම ඒකමතික තීන්දු තීරණවලින් ශ‍්‍රී ලංකාවේ මිනිසුන් පණ මෙන් ආදරය කරන ක‍්‍රිකට් ක‍්‍රීඩාව නුදුරේදීම විනාශ වන බව සත්සුදක් සේ පැහැදිලිය.

LEAVE A REPLY