ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ දී හමුවී එහිදී ඔවුන් පුළුල් එකඟතාවයකට පැමිණි බවට ලංකාදීප හා එජාප හිතවාදී වෙබ්අඩවිය පළකර ඇති පුවත අසත්‍ය බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඒ ආකාරයේ කිසිදු සාකච්චාවක් සිදුව නැතැයිද එකී ප‍්‍රකාශකයා අප වෙත සදහන් කලේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව විශ්වාස භංගය පරාජය කිරීමට තීරණය කලේ යයි ලංකාදීප වෙබ්අඩවිය විසින් පල කරන ලද පුවතද එම වෙබ් අඩවිය ඉවත් කර ඇත

ඔවුන් දෙදෙනා එසේ හමුවී ඇත්දැයි අප කළ විමසීමකදී එම ප්‍රකාශකයා ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බව පැවසූ අතර, මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීමක් තව නොබෝ වේලාවකින් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා හෙළිකරණ බව ඔහු කියා සිටියේය.

LEAVE A REPLY