මේ රටේ ජනතාව යහපාලන සංකල්පය දිනවමින් වංචා දුෂණ අක්‍රමිකතා ජඩකම් හා භීෂණ නවතමින් රාජපක්ෂලා කාබාසිනියා කල රට නැවත ගොඩ නැගීමට අලුත් ආණ්ඩුවක් පත් කරගත්තේ දහසකුත් බලාපොරොත්තු සිත දරාගෙනය.

නමුත් එම බලාපොරොත්තු එකින් එක මැකී යන්නේ යහපාලනය ගෙන ඒම උදෙසා කෑමොර දුන් සමහර පුද්ගලයන්ද දුෂිත රාජපක්ෂලාගේ අඩි පාරට වැටී රටේ ජනතාවට කොකා පෙන්වීමට කටයුතු කරන බැවිනි.

මෙසේ රටට වින කටින නොයෙකුත් දුෂණ අතර හොඳම උදාහරණයක් සපයන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය තුලිනි. එහි දී එම ආයතනය තුල සියලුම වෙළෙඳ ප්‍රචාරණ කටයුතු කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ට්‍රයි ඇඩ් ආයතනයේ වරුනි අමුණුගම හරහා රාජපක්ෂගේ කුප්‍රකට හෙන්චයියකු වන දිලිත් ජයවීරගේ දෙරණ ආයතනයට ලබා දීමට කටයුතු කිරීමයි.
මෙහි ඇති සොචනියම කරුණ වනුයේ යහපාලනය ගෙන ඒමට හා රාජපක්ෂවරුන්ගේ හොරාකෑම රටටම කියමින් එය පරාජය කිරීමට ජනතාවට පොරොන්දු දුන් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා නලීන් පෙරේරා නම් තම ඥාති සහෝදරයකු වන ටෙලිකොම් නිලධාරියකු මාර්ගයෙන් මෙම වංචාව සඳහා තම උපරිම සහයෝගය දීමයි.
සියලුම රජයේ ආයතන නිසි ටෙන්ඩර් පටිපාටියකින් වැඩ කටයුතු කිරීම නිතිය වුවත් මෙසේ රාජපක්ෂ වරුන්ට කඩේ යමින් නැවත රාජපක්ෂ පාලනය ගෙන ඒමට දර දිය අදින දිලිත්ගේ දෙරණ ආයතනයට කත් අදිමින් සියලු ප්‍රචාරක කටයතු කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව කුට්ටිය පිටින්ම ලබාදීම මගින් හරීන්ලා තම ඥාතීන් සමග කොටි ගණන් කොමිස් ලබා ගන්නේ රෙදි ඇඳගෙනද යන්න ජනතාවට ඇතිවන ගැටලුවයි.
කෙසේ වෙතත් ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතාද නොමග යවමින් ඔහුගේ නියෝග වලටද සවන් නොදෙමින් හරීන් මැතිවරයා ගෙනයන මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ග පිළිබඳව ටෙලිකොම් ආයතනයේ සේවකයින්ද දැඩි කල කිරීමෙන් පසුවෙති.

LEAVE A REPLY