ඉන්දීය සාගර කලාපයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා…හෙට (06දා) ඉන්දුනීසියාව බලා පිටත් වෙයි. ඉන්දීය සාගරය සාමකාමී ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම යන තේමාව යටතේ මාර්තු මස 7 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී මේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එදින පෙරවරුවේ සමුළුව ඇමැතීමට නියමිතය.
ඉන්දීය සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ඉන්දීය සාගර කලාපීය රටවල සංවිධානයේ 20 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ඉන්දුනීසියා ජනාධිපති ජොකො විඩොඩෝ මහතා අතර නිල හමුව 8 වැනි දින පෙරවරුවේ මර්ඩෙකා පැලස්හිදී සිදු කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ධීවර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්‍ෂේත්‍රයේ ගිවිසුම් දෙකකටද අස්සන් තැබීමට නියමිතය.

LEAVE A REPLY