ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් පන්දහසක් ආධාර වශයෙන් ප්‍රදානය කිරීමට ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා පියවර ගෙන ඇතැයි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එම සහල් තොගය රැගත් නෞකාව ලබන මාර්තු මාසයේ පමණ  කොළඹ වරායට සේන්දු වීමට නියමිත අතර පවතින නියං තත්ත්වය සලකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියා ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකව කළ ඉල්ලීමක් අනුව ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රදානය සිදු කර ඇත.

ඉන්දුනීසියා ජනාධිපතිවරයා විසින් එම සහල් ආධාර තොගය එරට සිටින ශ්‍රී ලංකාවේ තානාපති දර්ශන එම.පෙරේරා මහතාට නිල වශයෙන් බාර දෙනු ලැබීය.

PHOTO-1 PHOTO-2 PHOTO-3

LEAVE A REPLY