ඒකාබද්ධ විපක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සහාය ලබා දීමට සුදානම් බව ප්‍රකාශ කොට තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ළඟදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ යෝජනාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 2/3ක බහුතරය අවශ්‍ය වෙයි. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 54 දෙනාගේ සහයෝගය තීරණාත්මකය.

ජ.වි.පෙ. යෝජනාව දේශපාලන කරළියට පැමිණීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීහු මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. එහිදී තීරණය වූයේ ආණ්ඩුව මෙකී යෝජනාව සම්මත කිරීම රටට යහපත් බැවින් එයට සහයෝගය ලබා දීම රට ගැන සිතා සිදුකල යුතු බවයි. කෙසේ වෙතත් මේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ කුඩා පක්ෂ සාමාජිකයින් කිහිපදෙනෙක් අකමැති වුවත් බහුතර කැමැත්ත ලැබී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලිය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලැබීම කැපී පෙනේ. විචාරකයින් පවසන්නේ අවසානයේ මහින්ද මෛත්‍රීගේ මාවතේ යාම ආරම්භ කොට ඇති බවයි.

LEAVE A REPLY