එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතාට රටටත් හම්බන්තොටටත් දැනට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කළ හැකි ශක්තිමත් ඇමැති ධුරයක් ලබා දීමට තමා තීරණය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයට මහින්ද අමරවීර ධීවර හා ජලජ සම්පත් කැබිනට් ඇමැතිවරයාත්, නියෝජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාත් පළාත් ධීවර ඇමැතිවරයාත් ඇතුළු ධීවර ඇමැතිවරුන් තුන් දෙනකු සිටින බවත් දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා පෙන්වාදීමෙන් පසු ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

තංගල්ලට පමණක් ධීවර ඇමැතිවරු තුන් දෙනෙක් සිටින බැවින් තමා ළඟදීම මහින්ද අමරවීර මහතාට වැඩි වගකීමක් පවරන බවද ජනපති පැවැසීය.
හම්බන්තොට අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (16දා) පැවැති ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කළේය.

LEAVE A REPLY