නාමල් රාජපක්ෂ යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපතිකමේ බලය තමන්ගේ බලයක් සේ අතට ගෙන ක්‍රියාකළ සහ රාජපක්ෂ ජනාධිපතිවරයා කල්තියාම පරාජය කොට පැත්තකට කිරීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන වගකිවයුත්තෙකු ලෙස මුළු රටම දන්නා පුද්ගලයෙකි. තම පියාගේ බලය යොදාගෙන නමට නීතික්ඥයකු වූ මොහු ශ්‍රී ලංකික රගර් ක්‍රීඩාව තම පවුලේ බුදලයක් මෙන් තමන් සතු කරගත්තේය. රගර් ගමට ගෙනයනවා කියා කොටි ගණන් විදෙස් සමාගම් වලින් කප්පම් ලබාගෙන මොවුන් කලේ රගර් ගමට ගෙන යාම නොව ගමෙන් නගරයට පැමිණ රගර් ගැසූ දක්ෂ ක්‍රීඩකයන්ගෙන් එය උදුරා ගන්නට ක්‍රියා කිරීමය. එහිදී එම අහිංසක ක්‍රීඩකයන්ගේ දිවිය පවා පුදන්නට වීම කෙතරම් කෙදවාචකයක්ද?

අතීතය අමතක රාජපක්ෂවරු සමග ඔවුන්ගේ කල්ලිය වර්තමානයේ කෑ මොර දෙන්නේ වත්මන් ආණ්ඩුව බුදුදහම නොසලකා හැර වෙනත් ආගම් හා ජාතින් වෙනුවෙන් වැඩ කරන බවටයි. නමුත් රාජපක්ෂලාගේ පුතුන් එදා මහනායක හිමිවරුන් ගේ අවවාද අනුශාසනා තුට්ටුවකට මායිම් නොකර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට රුසියානු ගණිකාවන් නටවමින් නයිට් රේස් පදින විට ආගම දහම ඔවුනට අමතක විය.

රජයට කොටි ගණන් අහිමි කරමින් ක්‍රිෂ් ගනුදෙනුව වැනි අයතා ගනුදෙනු සිදු කරමින් රටේ මහජන මුදල් තම පෞද්ගලික පරිහරණයට භාවිතා කරමින් ජනපති තාත්තාගේ බලයෙන් උදම් වූ පුතුන් මේ රට විනාශ කල හැටි අපට මතකය.

එමෙන්ම රුපවාහිනි නාලිකා ආරම්භ කර ගනිමින් රොකට් යවමින් තම පෞද්ගලික ආශාවන් වෙනුවෙන් මහ ජනතාවගේ මුදල් අමු අමුවේ නාස්ති කරමින් ඔවුන්ගේ රාජධානිය තුල තම අනසක පතුරුවමින් කල් ගත කලෝය.

නාවික හමුදාවට බැඳුනු යෝශිත නම් රාජපක්ෂ පුත්‍රයා නාවික හමුදාව තුල ජනපති බලය යොදා ගනිමින් විදේශ සංචාර හා පුහුණු සැසි ලබමින් හා නාවික හමුදාව තුල නීති රීති තමන්ට අවශ්‍ය පරිදි කඩ කරමින් හා වෙනස් කරමින් සැප විදින අතර රාජපක්ෂ පියතුමන් තම පුතනුවන් ආරක්ෂක හමුදාවට පිදුවා යයි තම මාර්කටින් මාර්ගය ඉදිරියට ගෙන ගියේය.

මේවා ඔවුන් සිදුකල දේවල් වලින් අල්ප මාත්‍රයක් පමණක් වන අතර තවත් කීමට කරුණු අනන්තය අප්‍රමාණය ඒ සියල්ලෙන්ම ජනපති පියාණන්ගේ බලය අවභාවිතා කිරීම ඉතාමන් නින්දිත ආකාරයෙන් සිදුකල බව සමස්ත රට වැසියන් සියලුදෙනාම හොඳින් දනී.

වර්තමානය ඊට වඩා බොහෝ වෙනස්ය,

අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රට පාලනය කරන අතර ඔහුගේ බිරිඳ හෝ දරුවන් දේශපාලනයට ඔලුව දමන්නේ නැත. එදා මෙන් අද ජනපති දරුවන් තම පියාගේ බලය තමන්ට අවශ්‍ය ලෙස සැප ගැනීමට භාවිතා කරන්නේ නැත කොටි ගණන් වියදම් කරමින් රේස් පදින්නේ නැත. සමහර විට වත්මන් ජනපතිතුමාගේ දරුවන් මාධ්‍ය තුල දකින්නට පවා ලැබීම ඉතාමත් අහඹු දසුනක් වන්නේය. එය එසේ වන්නේ ඔවුන් තම භූමිකාව කුමක්ද යන්න හොඳින් තේරුම් ගෙන ඇති නිසාය. ඔවුන් තම පියාගේ දේශපාලනයෙන් තමාගේ ප්‍රතිරූපය ගොඩ දා ගැනීමට උත්සහ කරන්නේ නැත.

ඔවුන් ඔවුන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කටයුතු සිදු කරගනිමින් සිටින විට එය උහුලා ගැනීමට බැරිව සිටින  පිරිසක්ද වෙති. ඒ එදා මෙන් අද මුල් පුරවැසියාගේ දරුවන් රටට හා ජනතාවට බරක් නොවී සිටීම තුලින් ඔවුන් ජනතා ප්‍රසාදයට ලක්වීම දිරවා ගන්නට නොහැකි පිරිසයි.

එම පිරිස අතර සිටින සමහරුන් එදා අයතා ලෙස ඉපැයූ කළු සල්ලි පොම්ප කරමින් මඩ වෙබ් මාධ්‍ය මෙහෙයවමින් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට හා ඔහුගේ දරුවන්ට මඩ පුවත් හා අපවාද මැවීමේ ප්‍රයත්නයක යෙදී සිටින අයුරු දක්නට ලැබේ. ඒ වත්මන් ආණ්ඩුව ලබා දී ඇති මාධ්‍ය නිදහස වල බුරු නිදහසක් කරගනිමිනි.

කවුරුන් කෙසේ කීවත් රටේ ජනතාව වෙනස හොඳින් දනී, එනම් එදා ජනපති දරුවන් හැසිරුණ ආකාරය හා මෙදා ජනපති දරුවන් හැසිරෙන ආකාරයත අතර වෙනස ප්‍රායෝගිකවම ඔවුන් අත්විදින බැවිනි.

 

LEAVE A REPLY