මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතා පත් කරන ලද්දේ නීතිඥ සංගමයේ ලිඛිත යෝජනාවක් අනුව බවත් ඊට අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනවල අනුමැතිය හිමි වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී ඊයේ (15) ප්‍රකාශ කළේය.

තමා කිසි විටෙකත් තනි තීන්දු නොගන්නා බවත් විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ පත්වීම් සිදු කරන විට අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනවල අනුමැතිය සහිතව අදාළ පත්වීම් සිදු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවැසීය.

මහාධිකරණවල විනිශ්චයකාර තනතුරු සඳහා පසුගිය කාලයේදී පුරප්පාඩු කිහිපයක් පැවැති බවත් දෙමළ බස කතා කරන විනිසුරුවරුන්ගේ හිඟයක් පවතින බව සඳහන් කරමින් අදාළ නීතිඥවරයා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ජාතික නීති සමුළුවේ ආරම්භක සැසිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු කීය.

LEAVE A REPLY