ගොවි ආර්ථිකය නගාසිටුවමින් කෘෂිකර්මාන්තයෙන් රට සමෘද්ධිමත් කිරීම සඳහා තම ධුර කාලය තුළ සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ මහවැව් නිල් දියවරින් පුරවා ගොවි ජනතාවට යළි ජල ගැටළුවකට මුහුණ දීමට සිදු නොවන අයුරින් ජල ගැටළුව විසදීමට පියවර ගන්නා බවයි.

වයඹ ඇළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ගලේවෙල, වැලමිටියාව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කුමන අභියෝග හමුවේ වුවද විශිෂ්ඨ රාජ්‍යයක් ලෙස මාතෘ භූමිය ගොඩනැගීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන බවයි.

ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවුණි.

 

LEAVE A REPLY