මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1දා) පෙරවරු 10.30ට යෙදෙන සුබ මොහොතින් අලව්ව-ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මනදී ආරම්භ කෙරේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මී. 39.29කින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර සඳහා රුපියල් බිලියන 137.098ක් ආයෝජනය කෙරෙන අතර එය මීටර් 3.6කින් යුත් මංතීරු හතරකින් සමන්විත වෙයි.

මීරිගම, නාකුළුගමුව, මල්පිටිය, පොතුහැර හා කුරුණෑගල යන ස්ථානවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත වන අතර 2019 වසරේ මැදභාගය වන විට මෙම අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY