ඉන්දියාවෙන් බිහිවූ අතිදක්ෂ තුන්ඉරියව් ක‍්‍රීඩකයකු වන කපිල් දේව් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ජාවදී අවසාන පන්දුවාර 10 යැවීමට ලෝකයෙන්ම බිහිවූ සුපිරි පන්දුයවන්නන් පිළිබදව අදහස් දක්වා තිබුණා.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කපිල් ඩේව් එම සාකච්ජාවේදී පවසා සිටියේ සුනිල් නාරයන්,මාලිංග වැනි පන්දු යවන්නන් අවසන් පන්දුවාර 10යේ තරග දිනවිය හැකි පන්දු යවන්නන් බවයි

අන්තිම අවරුදු 10 බැලුවොත් පිතිකරුවෝ තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනුනේ,පිතිකරුවෝ තමයි තරඟ දිනෙව්වේ,එකත් එක්ක පන්දු යවන්නන්ට තියන තැන ගොඩක් අඩු වුනා කියල තමයි මට පෙන්නේ.
හැබැයි ඒ කාලේ දිහා බැලුවම පිතිකරුවෝ පීඩනයට පත් කරලා තරඟ දිනවපු පන්දු යවන්නෙක් විදියට කොදෙව් පිලේ සුනිල් නාරායන් මට හඳුන්වන්න පුළුවන්.ඔහුට පුළුවන් වුනා අන්තිම පන්දුවාරත් හොඳ පාලනයක් එක්ක යොමු කරන්න,

ඒ එක පන්දු යවන්නෙක් මම දැකපු,හැබැයි මම අහපු ප්‍රශ්නයට පිළිතුර විදියට දෙන්නේ පහුගිය අවුරුදු දහයේ පහළොවේ පිතිකරුවන් වඩාත්ම පීඩනයට පත් කරලා තරඟ වැඩිම ප්‍රමාණයක් දිනවපු පන්දු යවන්නා තමයි ලසිත් මාලිංග.මම හිතන්නේ නෑ,ඔහු තරම් හොඳට අවසාන පන්දුවාර කීපය පීඩනයත් එක්ක යවන්න පුළුවන් පන්දු යවන්නෙක් පහුගිය කාලේ බිහිවුණා කියල,මාලිංග තමයි මගේ තේරීම.

මාලිංග ගැන ඉන්දියාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ඒ ආකාරයෙන් අදහස් පළකලද මාලිංග ගැන අපේ රටේ ක්‍රිකට් ගැන වගකිව යුත්තන්ගේ අදහස නම් ඊට වඩා ගොඩක් වෙනස් අදහසක් ඇති බව මාලිංග සම්බන්දයෙන් අපේ ක්‍රිකට් ලොක්කන් ක්‍රියාකළ ආකාරයෙන් අපට දැකගත හැකි විය

LEAVE A REPLY