මහ බැංකු බැඳුම්කර ආරවුල විසඳීමට පත්කළ ජනාධිපති කොමිසමට මෙතෙක් කැඳවූ සාක්ෂිවලින් වැදගත්ම, නිවැරැදි හා අවංකම සාක්ෂිය දී ඇත්තේ කාන්තාවක විසින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ඒ මඟින් කාන්තාවකට තනතුරක් දැරීමට ඇති හැකියාවත් අවංකත්වයත් තම වගකීම දැරීමට ඇති සුදුසුකම සහ චරිත ලක්ෂණ පෙන්නුම් කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති එම පක්ෂයේ කාන්තා සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සංස්ථා අධ්‍යක්ෂවරියක ලෙස ජනාධිපති කොමිසම හමුවේ ඇය කළ ප්‍රකාශයට අනුව යම් යම් පුද්ගලයන්ගේ බලපෑම මත තමන්ට සිය කාර්යය හරිහැටි ඉටු කිරීමට නොහැකි වූ බව ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ කාන්තාවක් තම වගකීම් ඉටු කිරීමේදී ඇය කෙරෙහි ඇති අවංක හා පිරිසුදු ගති ස්වභාවය යැයිද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY