ඉන්දියානු කන්ඩායමේ නායක සුපිරි පිතිකරු විරාත් කෝලි හට අයි.පී.එල් තරගාවලිය අහිමි වන බව වාර්තා වනවා.ඒ ඔහු අබාධයට ලක්වීම හේතුවෙන්.

කලවයේ ඇතිවූ එම අබාධ තත්වය හේතුවෙන් විරාත් කෝලි සති 10-12 ක් විවේක ගැනීමට සිදුවනු ඇති බව වෛද්‍යවරු පවසයි.

ඊයේ(31) දිනයේදී විරාත් කෝලි මෙසේ අබාධයකට ලක්වූවත් එහි බරපතල කම පිළිබද නොදන්නා නිසා රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කන්ඩායම මෙම කරුණ සගවා ඇති අතර රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු පවසා ඇත්තේ කෝලි හට විවෙකයක් අවශ්‍ය බවයි.

මේ පිලිබදව අදහස් දක්වා ඇති බැංගලෝර් කන්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ඩැනියෙල් විටෝර් පවසා ඇත්තේ කොලිගේ අහිමිවීම සිය කන්ඩායමට දැරිය නොහැකි පාඩුවක් බවයි..

තරග 4-5ක් තනියම දිනවන සහ කණ්ඩායමට නායකත්වය දෙන කෝලි වගේ ක‍්‍රීඩකයෙක් අහිමිවීම පුහුණුකරුවෙක් විදියට දරාගන්න අමාරුයි..අපි මේ වන විටත් සෆ්රාස් කාන්,මන්දීප් සිංග් හා මනන් වොහරා වැනි තරුණ ක‍්‍රීඩකයින් කෝලිගේ ස්ථානයට සූදානම් කරල තියෙන්නේ..ඔවුන්ට කෝලිගේ තැන පුරවන්න අමාරුවෙයි..නමුත් මේක තමයි ඔවුන් හොදම අත්දෙකින්ම අල්ලාගත යුතු හොදම අවස්ථාව..යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වා සිටි විටෝරි පවසා සිටියේ කෝලි ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන නායකත්වය සුපිරි පිතිකරු ඒ.බී.ඩිවිලියර්ස් විසින් සපුරනු ඇති බවයි.

මෙවර තරගාවලියට කණ්ඩායමේ නායකත්වය ඒ.බී.ට දෙන්න අපි තීරණය කළා..උපනායකයා බේ‍්‍රන්ඩන් මැකලම්..මේ වගේ අමාරු තත්තවයකදී ගොඩක් උපකාරී වුනා මේ වගේ අත්දැකීමේ තියෙන ක‍්‍රීඩකයන් දෙදෙනෙක් කන්ඩායමේ ඉන්න එක..යැයි පැවසීය.

LEAVE A REPLY