කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට අද (27) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුවූ බව කළුතර දකුණ පොලිසිය කියයි.

සමයන් නමැති පාතාල සාමාජිකයා ඇතුළු රැඳවියන් පහක් සහ බන්ධනාගාර නිලධාරියකු සිද්ධියෙන් මියගොස් ඇතැයි ද පොලිස් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

රැඳවියන්ගේ ආරක්ෂාවට පසුපසින් පැමිණි බන්ධනාගාර නිලධාරීන් රැගත් තවත් බස් රියකට ද වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එහි සිටි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

LEAVE A REPLY