ස්වභාව ධර්මයේ පැවැත්මට බරපතළ හානියක්ව ඇති ප්ලාස්ටික් ආහාරයට ගනු ලබන බැක්ටීරියාවක අන්තර්ගත “එන්සයිමයක්” තවදුරටත් වර්ධනය කරමින් ප්ලාස්ටික් දිරාපත් කරවීමේ ක්‍රියාවලිය සඳහා යොදාගැනීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති. බෝතල් සෑදීම සදහා බොහෝවිට යොදා ගනු ලබන්නේ “PET” ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයක් වන අතර, එය දිරාපත්වීමට වසර සිය ගණනක් ගත වේ. විද්‍යාඥයන් තවදුරටත් වර්ධනය කරමින් සිටින ඉහත කී එන්සයිමය “PETase” යනුවෙන් නම්කර ඇති අතර, එය ක්‍රියාත්මක වී දින කීපයක් ඇතුළත ප්ලාස්ටික් බෝතල ඇතුළු කුණුකන්දල් දිරාපත් වීම ආරම්භ වනු ඇත.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම එන්සයිමය උපකාරී වන අතර, එමගින් ඒවා නැවත භාවිතා කිරීම වඩාත් එලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පලව තිබේ. PET වර්ගයේ ප්ලාස්ටික් දිරාපත්වීම සඳහා උපකාරී වන මෙම එන්සයිමය සෑදෙන්නේ ප්ලාස්ටික් “ආහාරයට ගන්නා” බැක්ටීරියාවකින් වන අතර, එය පළමුවරට හඳුනාගනු ලැබ තිබෙන්නේ ජපානයෙහිදීය.

“Ideonella sakaiensis” නමැති ජපන් ආයතනය තම ප්‍රධාන බලශක්තිය ලෙස ප්ලාස්ටික් භාවිතා කරයි. ඔවුන්ට අයත් ස්ථානයක, ප්‍රතිචක්‍රීකරණය සදහා ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් බෝතල්වල තැවරැණ රොන් මඩවල තිබී “PETase” එන්සයිමය අන්තර්ගත බැක්ටීරියාව සොයාගත් බව 2016 වසරේ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

කෙසේවෙතත්, මෙම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය ලෝකයට හඳුන්වාදීම විශාල අභියෝගයකි. අවම මුදලක් වැයකර PETase එන්සයිමය වර්ධනය කරගැනීම පළමුවෙනි අභියෝගය වන අතර, දෙවනුව එය කර්මාන්තයක් ලෙස වර්ධනය කර ගැනීමට වෙහෙසිය යුතුය.

මෙය ඉතා වේගවත් විද්‍යාත්මක ක්‍රියාවලියකි. ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාව දශක ගණනාවක සිට පරිණාමය වෙමින් පවතින අතර ඔවුන්ගේ ආහාර ජීර්ණය වීම සදහා අවශ්‍ය එන්සයිම හඳුනාගැනීමට හැකිවූයේ මෑතකදී වීම විශේෂත්වයකි. නැවත සකසන ලද එන්සයිමවලින් වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. දිරාපත් නොවන ප්ලාස්ටික්වලින් ස්වභාවධර්මයට වන හානිය නැවැත්වීමට මෙතෙක් සොයමින් සිටි විද්‍යාත්මක පිළිතුර මෙය වනු ඇත.

LEAVE A REPLY