සමාජ ජාල මාධ්‍යකරණය හෙවත් පුරවැසි මාධ්‍යකරණය යනු දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තුලින් පාලනය වන බුද්ධිමත් ජනතාවට තොරතුරු දන ගැනීමටත් තොරතුරු සන්නිවෙදනයටත් මග පාදන ක්‍රමවේදයක් ලෙස සරලව හැඳින්විය හැක. ඕනෑම පුරවැසියකුට අවශ්‍ය පරිදි තම අදහස් නිදහසේ දැක්වීමට ඇති අයිතිය සමාජ ජාල හරහා ශක්තිමත්වී ඇත.

අතීතය මතක ඇති බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ට අතීතයේ පුරවැසියන්ගේ කට වසා දමා තිබු පාලනය හොඳින් මතක ඇති බව සිතමු. එදා පාලන රෙජිමයට අවශ්‍ය පරිදි මාධ්‍ය ජාල මෙහෙයවා සමාජ ජාල ක්‍රියාකාරිකයින් හා වෙබ් මාධ්‍ය කරුවන් සුදු වැන් වලින් අතුරුදන් කල අයුරු අපට හොඳට මතකය. ඒ අඳුරු යුගය අවසන් කොට 2015 ජනවාරි 8 ලබාගත් ජයග්‍රහණ තුලින් අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය තහවුරු වූ බවද අප සැම දනිමු.

නමුත් අවාසනාවට කාරණය නම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රටේ අනාගතයට හෝ ජනතාවගේ අනාගතය කෙරෙහි ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට අපේ රටේ ජනතාවට මෙතෙක් හැකි වී නැත. අපේ රටේ සාක්ෂරතාවය ඉහල අගයක පැවතුනත් අවාසනාවට කරුණ වන්නේ අපේ මිනිස්සු සමාජ ජාල මාධ්‍ය හා වෙබ් මාධ්‍ය ඕපාදුප හා කටකතා පතුරන මාධ්‍යක් බවට පමණක් පත් කරගෙන තිබීමයි.

අපේ මිනිස්සුන්ට කිසිදු පුවතක සත්‍ය හෝ අසත්‍ය පිළිබඳව කිසිම තැකීමක් නැත. කුමක් හෝ බේගලයක් හෝ මඩක් දුටු විගස ලැව් ගින්නක් සේ එය පතුරවාලන්නට සමත් මඩ බලකායක් බවට පත් වීමට තරම් අපේ උන් පහත් තත්වයට පත්ව ඇත. ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමට වඩා අපේ උන් පොර කන්නේ කුණු රස සහ මඩ රස විඳිමින් එක එකාට විවේචන එල්ල කරමින් ආතල් ගන්නටය. ලෝකයෙන්ම වැඩියෙන්ම SEX සොයන ලංකාවේ ඉන්ටර්නෙට් ලෝලොන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වන්නට යනවානම් එයද මහා මෝඩකමක් බව අප දනිමු.

නමුත් මේ යන විදියට ගියොත් යලි එදා තිබු අඳුරු අතීතයට යාමට වැඩි කල් ගත නොවන බවනම් පෙන්නේනට තිබේ. ලැබූ නිදහස වල්බුරු නිදහස් කරගත් නුගත් ජනතාවක් ලෙස සමාජ ජාලා භාවිතය වෙනුවට බුද්ධිමත් ජනතාවක් ලෙස වගකීමකින් හා වගකීමකින් යුතුව සමාජ ජාලා භාවිතයට මාර්ගයක් සෙවිය යුතුය.

නැතිනම් මේ මෝඩ හරක් ආණ්ඩු විවේචනය, දේශපාලකයින් විවේචනය, ඕපාදුප හා ගොසිප් සමගින් මඩ ගොහොරු ප්‍රචාරණය ඔස්සේ ඉන් ඉදිරියටම ගොස් ජාතිවාදය ආගම්වාදය පතුරමින් තෙල්දෙණියේ සහ නුවර සිදු වුවාමෙන් රටම ගිනි තබනු ඇත. අන්න එදාට සමාජ ජාල තහනම් වීමටද ඉඩ ඇත. එහි අත්දැකීමද අපට ඇත. ඒ අඳුරු අගාදයට පුරවැසි මාධ්‍ය ගෙනයනවාද නැද්ද යන තීරණය අප ගතයුතුව ඇත.

 

LEAVE A REPLY