නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය අතරතුර ඇති වූ උණුසුම් තත්වය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු දොරවල් වලට පහරදෙමින් අලාභානි සිදු කර තිබුනා.

එලෙස දොරවල් වලට පහරදෙමින් අලාභානි සිදු කලේ බංගලදේශ කණ්ඩායමේ නායක සකිබ් අල් හසන් බව අනාවරණය වී තිබෙනවා.

එම තරගයේ අවසන් පන්දුවාරයේදී ඉසුරු උදාන යැවූ බවුන්සර් පන්දුවක් නිපන්දුවක් ලෙස ඉල්ලා සකීබ් අල් හසන් ක‍්‍රීඩාපිටියට තුල ක‍්‍රිකට් ක‍්‍රීඩාවට උචිත නොවන අයුරින් හැසිරුණු අතර ඒ හේතුවෙන්  විරෝධී ලෙස හැසිරීම නිසා හසන්ට තරග මුදලින් 25%ක දඩයක් සහ දඩුවම් ලකුණක් ලබාදීමට තරග තීරකවරයා පියවර ගත්තා.

ඒ පිළිබදව අදහස් දැක්වූ දෙස් විදෙස් ජාත්‍යන්තර විචාරකයින් දැඩි පිළිකුළකින් යුතුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර , නායකයකු ලෙස සකිබ්ගේ හැසිරීමද දැඩි ලෙස විවේචනයට ලක්වුණා.

LEAVE A REPLY