නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟමාලාවේ සි්ව්වැනි දිනය නිමාවන විට ජයග‍්‍රහණය සදහා ලකුනු 382ක ඉලක්කයක් හඹා යන නවසීලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුනු 42ක් ලබා සිටියි.

ටොම් ලැතම් ලකුණු 25ක් හා ජීත් රාවල් ලකුනු 17ක් ලබා නොදැවී කඩුල්ලේ රැුසී සිටියි.

කාසිය වාසිය දිනාගත් නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 307ක් ලබාගන්නට සමත් වූ අතර එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජොනි බ්‍රටිශ්ශෝ ලකුණු 101ක් සහ වේගපන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් ලකුණු 52ක් ලබාගන්නට සමත් විය.පන්දු යැවීමේදී ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාවූ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් සහ ටීම් සවුති කඩුලු 6ක් ලබාගන්නට සමත් විය.

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 278ක ට සීමාවූ අතර නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බ්ජේ වොට්ලින් ලකුණු 85ක් ග්‍රන්ඩ්ස් හෝම් ලකුණු 72ක් සහ ටීම් සවුති ලකුණු 50ක් ලබාගන්නට සමත් වෙද්දී පන්දු යැවීමෙන් නවසීලන්ත දැවී ගිය කඩුලු 10 ම දවා ගන්නට ආරම්භක වේගපන්දු යවන්නන් වූ ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් වූ අතර ඇන්ඩසන් කඩුලු 4ක් දවා ගනිද්දී බ්‍රෝඩ් කඩුලු 6ක් දවා ගන්නට සමත් විය.

මෙම තරඟයේ බිඳ වැටුන කණ්ඩායම් දෙකේම පළමු කඩුලු 20 පන්දු යවන්නන් 4 දෙනෙකු බෙදා ගැනීම සුවිශේෂ කාරණයක් වන අතර මේ ටෙස්ට් තරඟයක මෙවැනි සිදුවීමක් වූ තෙවන අවස්තාව වන අතර මීට පෙර 1902 ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟයක සහ 1912 එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරඟයක මෙවැනි සිදු වීමක් සිදුවී ඇත.

ඒ අනුව 1912න් පසුව සියවසකට වඩා ඉක්මවූ පසුව මෙවැනි දක්ෂතාවක් පෙන්වීම සුවිශේෂී වන අතර මෙම තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිම බිඳ දමන්නට ද නවසීලන්තයට අවශ්‍ය වුයේ ට්‍රෙන්ට් බෝල්ට් සහ ටීම් සවුතිගේ පන්දු යැවීමේ දායකත්වය පමණය.

එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 307
(මාර්ක් ස්ටොනෙමන් 35, ජෙම්ස් වින්ස් 18, ජෝ රූට් 37, බෙන් ස්ටෝක්ස් 25, ජොනි බෙයාස්ට්‍රෝ 101, මාර්ක් වුඞ් 52, ජැක් ලීච් 16, ටිම් සවුති 62/6, ටේ‍රන්ට් බෝල්ට් 87/2)

නවසීලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 278
(කේන් විලියම්සන් 22, බී.ජේ. වෙට්ලින් 85, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 72, ටිම් සවුති 50, නීල් වැග්නර් නොදැවී 24, ටේ‍රන්ට් බොල්ට් 16, ස්ටුවට් බ්‍රෝඞ් 54/6, ජේම්ස් ඇන්ඩසන් 76/4)

එංගලන්ත දෙවැනි ඉනිම – කඩුලු 09ක් දැවී 352(ඉනිම අත්හිටුවන ලදී)
(මාර්ක් ස්ටොනෙමන් 60, ජෙම්ස් වින්ස් 76, ජෝ රූට් 54, ඬේවිඞ් මැලන් 53, ටේ‍රන්ට් බෝල්ට් 89/2,කොලින් ඩී ග‍්‍රෑන්ඩ්හෝම් 4/94)

LEAVE A REPLY