පේරාදෙණිය ප්‍රදේශයේ පළතුරු වෙළඳසල පළතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍යක් භාවිතා කළැයි අත්අඩංගුවට ගත් වෙළෙන්දකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස හයක සිර දඬුවමක් නියම කළ මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් ශානක කලංසුරිය මහතා සැකකරුට රුපියල් 10,000 නියම කළේය.

දඩය නොගෙවන්නේ නම් එම මාස හයට අමතරව මාස 1 1/2 ක සිර දඬුවමක් නියම කරන බව ද දැනුම් දුන්නේය.

බොහෝ විට වෙළෙඳපොලේ තිබෙන පලතුරු ඉඩවිමට රසානික ද්‍රව්‍ය භාවිතා කරන්නට පලතුරු වෙළෙන්දන් පුරුදු වී සිටිනවා නීතියෙන් තහනම් වුවත් නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසා වෙළෙන්දන් මේ ක්‍රියාව සිදු කරන්නේ තමන් විකුණන ආහාරයෙන් තවත් කෙනෙකුගේ ජිවිතයද අවධානමේ දමන බව මොහොතකටවත් නොසිතා.

කෙසේ වෙතත් මෙසේ නිතිය අකුරටම ක්‍රියාත්මක කිරීම අගය කල යුතු අතර මෙසේ කරන අනෙකුත් වෙළඳුන්ටද නිතිය ක්‍රියාත්මක කලයුතුය. වර්තමානයේ ලෙඩ රෝග බහුල තත්වයට වෙවැනි වශ විෂ සහිත ආහාර භාවිතය හේතුවන බව වෛද්‍යවරුන්ද පවසනවා.

LEAVE A REPLY