ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා එහිදී එක්සත් ජාතක පක්ෂය නියෝජනය කරමින් විශාල පාක්ෂිකයින් පිරිසක් සහභාගී වී සිටි අතර කම්කරු දින සැමරුම් වලට නව මුහුණුවරක් එක් කරමින් ගෘහස්ථ ක්‍රීඩාංගනයක මෙය සංවිධානය කොට තිබීමද විශේෂත්වයක්, නමුත් එම තීරණය නිසා පාක්ෂිකයින් හා සමහර ජනතා නියෝජිතයින් තම අප්‍රසාදය පල කලේ පක්ෂ නායකත්වයද විවේචනය කරමින්.

තවද මෙම මැයි රැලියේදී ඉදිරි මැතිවරණ ජයග්‍රහණ සඳහා එක්සත් ජාතික පක්ෂය සැලසුම් සකස් කරන බවට ප්‍රකාශ වූ අතර ඒ සඳහා සමෘද්ධි බැංකුව ආදී ආයතන වලද වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව පක්ෂ නායකයා වන අග්‍රාමාත්‍යවරයා පවසා සිටි අතර එහිදී ජනතාව ප්‍රශ්න කර සිටින්නේ මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩු බලය ලබාගත් පක්ෂයක් තමන් ලබා දුන් පොරොන්දී ඉටුකර රට සංවර්ධණය කරනවා වෙනුවට මැතිවරණ ජයග්‍රහණය හා අනාගත බල කෑදරකමින් ප්‍රකාශ නිකුත් කිරීම ගැටළුවක් බවයි.

මෙම .විශේෂයෙන්ම මේ හේතුකොට ගෙන මැයි රැලියට එජාප පසු පෙල ප්‍රබලයින් රැසක් මැයි රැලිය වර්ජනය කිරිම අර්බුදය තවත් තීව්‍ර කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. රංජිත් අලුවිහාරේ මැයි රැලිය වර්ජණය කරන බවට ප්‍රකාශයක් නිකුත් කර අතර ,පාලිත රංගේ බණ්ඩාර,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,චමින්ද විජේසිරි,දිලිප් වෙදආරච්චි,සමුළුවට සහභාගී නොවූ අතර එජාප හිටපු මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් ද මැයි රැලියට සහභාගි නොවීම හේතුවෙන් පක්ෂය තුළ තවත් අභ්‍යන්තර අර්බුදයක පෙර නිමිති පහල වී ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ(06)සුගතදාස ක්‍රීඩාංගනයට පැමිණි එජාප ආධාරකරුවන් පිරිසකට මැයි දින සැමරුමට සහභාගී වීමට අවස්ථාව නොලැබීම සුවිශේෂි සිදු වීමක් විය.

  • පුවත් මුලාශ්‍රය – www.lankahitnews.com

LEAVE A REPLY