සමාජ ගැටළු සහ ප්‍රශ්න හඳුනාගනිමින් රටට සහ ජනතාවට වඩා හොද සේවයක් ඉටුකිරීමට උගතුන් සහ බුද්ධිමතුන් සෑම විටම ඉදිරියට පැමිණිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමන්ට අයත් එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වෙමින් උගතුන් සහ බුද්ධිමතුන් සමාජය තුළ හුදකලා විය යුතු නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
සමාජයේ බොහෝ ප්‍රශ්න සහ ගැටළු විසඳාගත හැක්කේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ හඞත් සමඟ බව ජනාධිපතිවරයා පවසයි.
කෑගල්ල විද්‍යාලයේ 75 වන  සැමරුම් උළෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
 වර්තමානයේ ලෝකයේම පැසසුමට ලක්ව ඇති මෙරට නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් තවදුරටත් ශක්තිමත් කිරීමට රජයේ වගකීම නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY