ධීවර කාර්මිකයන්ට වර්ණ යොදා පැරැණි මිලටම භූමිතෙල් සහනාධාරය ලබා දීමට තීරණය කළ බව ධීවර, ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ (15 දා) පැවසීය.

ධීවර සංගම් සහ ඇමැතිවරයා අතර ඊයේ (15 දා) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම එකඟතාව පළ කර සිටියේය.

මෙය තාවකාලික තීරණයක්‌ බවත් බහුදින යාත්‍රා සඳහා ලබා දෙන ඉන්ධන සහනයන් පිළිබඳව තීරණයක්‌ ඉදිරි කැබිනට්‌ මණ්‌ඩල හමුවේදී සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.

ඊයේ (15 දා) ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා සහ ධීවර සංගම් අතර පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ධීවර සංගම් කිහිපයක්‌ ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අතර අද (16 වැනිදා) සිට සුපුරුදු පරිදි මසුන් මැරීමේ කටයුතු සඳහා ධීවරයින් මුහුදු යැමට ක්‍රියා කරන බවත් එම සංගම් නිවේදනය කර සිටියි.

  • පුවත් මුලාශ්‍රය – දිවයින පුවත්පත.

LEAVE A REPLY