මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට පැන නැගී ඇති විරෝධයට සියලූම පාර්ශවයන් සමඟ සාකච්ඡා කර දෙපාර්ශවයටම සාධාරණ විසදුමක් ලබා දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ අද (09)  ආගරපතන හුට්විල් වතුයායේ ඉදිවු ප‍්‍රථම වතු නිවාස ගම්මානය  වතුකම්කරු අයිතියට පැවරීමෙන් අනතුරුව තලවාකැලේ නගර සභා කි‍්‍රඩාංගණයේදී පැවති ජනහමුවේදිය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසවේ වතුකම්කරුවන්ගේ වතු යටිතල පහසුකම් මෙන්ම සෞඛ්‍ය හා වතුකරයේ පාසල් ළමුන්ගේ ඉගෙනීීම් කටයුතුද ඉහළ නැංවීමට කටයුතු කරන බවය.

LEAVE A REPLY