16864590_883156161825407_584376128100828277_n 16939485_883156188492071_6194752174218502004_n 16997967_883156135158743_8902774089649111860_n 16998252_883156208492069_889538154897824069_n 16998815_883156268492063_9109399633691104775_n 16999067_883156238492066_6084314690521112032_n

 

ඊයේ (26දා) ලග්ගල කළුගඟ ජලාශ වැඩ බිමේ පස්‌ කන්දක්‌ කඩා වැටී දෙදෙනකු මිය ගොස්‌ දෙදෙනකු තුවාල ලබා ඇත. මේ අතරින් එක්‌ අයකු මියගොස්‌ ඇත්තේ පස්‌ කන්දට සිරවී සිටියදී බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරිමෙන් අනතුරුවයි.වැඩ බිමේ පස්‌ කන්දක්‌ කපා ඉවත් කරමින් සිටියදී කඩා වැටුණු පස්‌ කන්දට බැකෝ යන්ත්‍රයක්‌ සහ ටිපර් රථයක්‌ද යටවී ඇත.

අනතුරින් මියගොස්‌ ඇත්තේ වැඩ බිමේ සේවය කළ මින්නේරියේ පදිංචි නිශාන්ත ජයරත්න සහ මංජු නමැති දෙදෙනා බවට හඳුනාගෙන ඇත.

තුවාල ලැබූ සේවකයන් දෙදෙනා ලග්ගල දිසා රෝහලට ඇතුළත් කර වැඩි දුර ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මෙසේ කඩා වැටී ඇත්තේ කළුගල් සහිත පස්‌ කන්දක්‌ බව සේවකයෝ පැවසූහ. සිර වී සිටි අය බේරා ගැනීමේදී කඩිනම් ප්‍රතිකාර ලබාදීමට ලග්ගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩ බිමට පැමිණ සිටියහ.

පස්‌ කන්දට යටවී බේරාගැනීමෙන් පසු මිය ගිය සේවකයා ඊට පෙර ජංගම දුරකථනයක්‌ මගින් මෙහෙයුම් කණ්‌ඩායම සමග සම්බන්ධතාව පවත්වාගෙන යමින් සිටි අතර ඔහු පස්‌ කන්දෙන් පිටතට ගනු ලැබුවේ පැය අටක පමණ මෙහෙයුමකින් පසුවය.

ඊයේ පෙරවරු 9.30 ට පමණ අනතුර සිදුවී ඇත. මිය ගිය සේවකයන් දෙදෙනාගේ මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද (27 දා) සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසයි. කඩා වැටුණු ගල් කන්දේ තවත් ගල් කුට්‌ටි පෙරළීමේ අවදානමක්‌ තිබෙන බවද එහි සේවකයෝ කියති. මාතලේ ඡේෂ්ඨ පොලිස්‌ අධිකාරි අයි.පී.බී.සුගතපාල මහතාගේ උපදෙස්‌ මත ලග්ගල පොලිස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අමරසිංහ මහතා ඇතු`ථ කණ්‌ඩායමක්‌ මෙහෙයුම් ක්‍රියාත්මක කරති.

LEAVE A REPLY