ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය ඉකුත් වසරේ දී බිලියනයකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ දී අද ආරම්භ වූ බෝ නොවන රෝග පිළිබඳ සාර්ක් සමුළුවේදීයි.

දුම්බීම තවදුරටත් අධෛර්ය කිරීම සඳහා ඉදිරියේදී තනි තනි ලෙස සිගරට් අලෙවිය තහනමි කිරීම සඳහා නව නීති පැනවීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනටි මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අප්‍රේල් මස 07 වනදාට යෙදෙන ලෝක සෞඛ‍ය දිනයදා නව නිතිය බලාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සීනි, ලූණු සහ මේදය භාවිතය අධෛර්ය කිරීමට ද රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මෙම සමුළුවේදී වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY