ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලිගේ විවාහයෙන් පසු දිනේෂ් කාර්තික්‌ සහ දීපිකා පල්ලිකාල් පිළිබඳව ඉන්දියානු ක්‍රීඩා ලෝලීහු වැඩි අවධානයක්‌ යොමුකර තිබේ.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දිනේෂ් කාර්තික්‌ගේ බිරිඳ එරට ජාතික ස්‌කොෂ් ශූරියක්‌ වීම සහ ඇය මෙවර පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල නියෝජනය කරද්දී කාර්තික්‌ අයි.පී.එල්. නියෝජනය කිරීම හේතුවෙනි.

04 දා ඔස්‌ට්‍රේලියාවේ ආරම්භවූන පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල නියෝජනය කරන දිපීකාව පිටත්කර යෑවීමටද කාර්තික්‌ එක්‌ව තිබේ. ‘මීට අවුරුදු හතරකට පෙර ඇය රන් පදක්‌කමක්‌ දිනා ගත්තා.

ඊට පස්‌සෙ ඇය ගෙදර වැඩ කරද්දී මේ ක්‍රීඩා උළෙල වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා. මම ඇයට උපරිමය සහයක්‌ ලබාදෙනවා.’ යෑයි කාර්තික්‌ පවසා තිබේ.

LEAVE A REPLY