එක්දින තරගාවලිය තරග 5-0ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ ඇතැම් ක්‍රීඩකයන් පත්ව සිටි අධික වෙහෙසකාරී බව තරග පරාජයට හේතුවක් වූ බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ෆෝඩ් මහතා “අපේ සමහරක් ක්‍රීඩකයන් දීර්ඝ කාලයක් දකුණු අප්‍රිකාවෙ රැඳෙමින් ටෙස්ට්, එක්දින සහ විස්සයි -20 තරගාවලි 3ටම සහභාගි වුණා. ක්‍රිකට් ක්‍රීඩා කරන අපි වගේ පොඩි රටවල්වලට එක් එක් තරග රටාවන් සඳහා වෙන් වූ ක්‍රීඩකයන් සොයා ගන්න අපහසුයි. එය මේ ප්‍රතිඵලයට එක් හේතුවක් වුණත් ඒක අපි ලැබූ පරාජයට නිදහසට කාරණාවක් නෙවෙයි” යනුවෙන්ද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY