මේ සටහන ගමක බඩගින්න නිවන්න හදන වැවක්‌ ගැනයි. අම්පිටියේ සුමනරතන යන නම ඇහෙද්දිම අපිට සිහිවෙන්නේ මඩකලපුව පන්සල. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ තියෙන සිංහල ගම්මාන හදන්න උන්වහන්සේ පුදුම වෙහෙසක්‌ ගන්නේ.

මීට වසර ගණනකට කලින් උන්වහන්සේ කෙවිලියාමඩුවේ වැවක්‌ හැදුවා. තවත් වැවක්‌ හදන්න උන්වහන්සේ කටයුතු කරමින් සිටිනවා. වැව හදන්න සල්ලි නැති නිසා උන්වහන්සේ වැව හදන්න අමුතු වැඩක්‌ කරා. වැව හදන්න ලක්‌ෂ පනහක්‌ ලක්‌ෂ පනස්‌ අටක්‌ විතර වියදම් වෙනවා කියලා කොන්ත්‍රාත්කරු කීවා. ඒ ගමන වැව හදන්න සල්ලි නැති උන්වහන්සේ තමන්ගේ සන්තකයේ ගමනක්‌ බිමනක්‌ යන්න තියෙන කාර් එක ඒ වෙනුවට දෙන්නම් වැව හදන්න කීවා.

නැගෙනහිර පළාතේ වැඩ ගැන හොයා බලන්න කැපවෙන උන්වහන්සේ මේ වාහනය නිසා තමයි එහේ මෙහේ ඇවිදලා වැඩ ටික කර ගන්නේ. මේ වාහනයත් අරන් දෙන්න කටයුතු කරේ හිතවත් පරිත්‍යාගශීලීන්. තමන්ගේ සුව පහසුවට වඩා අහිංසක කෙවිලියාමඩුවේ ගම්මානයේ ජනතාවගේ බඩගින්න නිවන එක කොච්චර පිනක්‌ද කියලා උන්වහන්සේ සිතුවා. ඒ නිසා කාර් එක වෙනුවට වැව හදන්න කියල හිතල මේ වෙද්දි වැව හදන්න පටන් අරන්.

නන්ද ද සිල්වා මහතා ඇතුළු පරිත්‍යාගශීලින්ගේ සහය ලැබුණත් හැමදාම ඔවුන්ට කරදර කරන්න බැහැ – සුමනරතන හිමි

සුමනරතන හිමියන් මේ ගැන මෙහෙම කීවා.

දිවුලපොතාන කෙවිලියාමඩුව ආදී මඩකලපුවේ සිංහල ගම්මාන රැසක නිවාස විශාල ප්‍රමාණයක්‌ හදන්න තම පුතාට පිං පිණිස නන්ද ද සිල්වා මහතා කටයුතු කරා. ඒ අතර තවත් නිවාස රැසක්‌ හදන්න කටයුතු කරමින් සිටිනවා. ඒක මට විශාල ශක්‌තියක්‌. ඒ වාගේම හේමමාලි බණ්‌ඩාරනායක, ආනන්ද බණ්‌ඩාරනායක, මොරිස්‌ සොන්ඩර්ස්‌ සහ චමිලා සොන්ඩර්ස්‌ යුවළ හෙළබිම සංවිධාන සහ දෙස්‌ විදෙස්‌ පරිත්‍යාගශීලීන් රැසක්‌ මාහට බොහෝ උදව් උපකාර කරා.

නමුත් හැම වෙලේම ඒ උදව් කරන අයට මට කරදර කරන්න බැහැ. නමුත් කොහොම හරි වැව හදන්නත් ඕන. ඒ නිසා මට බණ්‌ඩාරනායක මහත්මිය ඇතු`ඵ පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු වාහනය දීලා මම වැව හදන්න ගත්තා. ලංකාවේ බොහෝ ආයතන තියෙනවා විවිධ දේට උපාකාර කරන. නමුත් මට තියෙන ගැටලුව තමයි ඇයි බොහෝ දෙනෙක්‌ මේ වගේ දේවල්වලට තමන්ගේ දායකත්වය නොදෙන්නේ කියලා. ඒ නිසා මම මගේ වාහනය වැව හදන ගාස්‌තුවට දෙන්න ගිවිසුමක්‌ ගහලා වැව හදන්න පටන් ගත්තා. කවුරු හරි පරිත්‍යාගශීලින්ගෙන් මට වැව හදන්න සහයක්‌ ලැබුණොත් මට වැවත් හදලා මගේ වාහනයත් බේරගන්න හැකි වෙයි. පසුගිය දිනවල කෙවිලියාමඩුවේ වගා කරන්න බිම් සකස්‌ කරන්න මට ලක්‌ෂ 18කට වැඩිය ගියා. රෑ පැල් රැක්‌කා. නමුත් අපේ ගොවිපලේ නියගය නිසා අස්‌වැන්න විනාශ වුණා. ලක්‌ෂ හතරහමාරක්‌ තමයි අපිට ආදායමක්‌ ලැබුණේ. නමුත් මම අහිංසක ජනතාවගේ කුස පුරවන්න හදපු වගා බිම අතහරින්නේ නැහැ යනුවෙන් සුමනරතන හිමියන් පැවසුවා.

භු විද්‍යා සභාපතිතුමනි එන්න අම්පාරට ඇවිත් යන්න

අම්පාර ගල්ඔය පාලම ගැන අපි මතක්‌ කරත් තවමත් කවුරුත් ඒ ගැන අවධානයක්‌ යොමුකරේ නැහැ. වැලි ගොඩදැමීම නිසි පරදි නියාමනය කරන්න වැඩ සටහනක්‌ තවමත් නැහැ. බොහෝම අමාරුවෙන් වැලි ගොඩ දාන අයට ලැබෙන්නෙත් සොච්චමයි. බදු මුදල් ලෙස රජයට ලැබෙන්නෙත් පුංචි සොච්චමයි. මේකෙන් වැඩි හරියක්‌ මුදල් උපයන්නේ වැලි ප්‍රවාහනය කරන ටි්‍රපර් රථ හිමියන් සහ වැලි ප්‍රවාහනකරුවෝ.

අම්පාරේ වැලි ගැන තියෙන ගැටලු ගැන කථා කරන්න අපි ගියා අම්පාර භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාලයට. ඒකේ ලොකු තැන හිටියේ නැහැ. පස්‌සේ දුරකතනයෙන් සම්බන්ධ උනාම කීsවේ කොළඹින් ප්‍රධාන කාර්යාලයෙන් අහන්න අපි අදාළ තොරතුරු දීලා තියෙන්නේ කියලා. හැබැයි අපි අම්පාරේ ගොඩක්‌ ආයතනවලට ගියාම අම්පාරේ ඒ ආයතනවල ආයතන ප්‍රධානීන් තමන්ගේ ආයතනයේ තොරතුරු දෙනවා. නමුත් භු විද්‍යාවෙන් කොළඹට බෝලේ පාස්‌ කරනවා. අපි කොළඹින් ඇහුවත් ඒ කියන්නේ අම්පාරෙන් දෙන අයගේ තොරතුරු විතරයි. නමුත් අපි ඇත්තට තියෙන ගැට`ඵ ගැන ඇහුවම කොළඹ අය දන්නේ කොහොමද ඒවා. ඒ නිසා කොළඹින් තොරතුරු ගන්න තියෙන නිතීය නිසා අනේ දෙයියනේ අම්පාරේ ලොක්‌කෝ හීන් සීරුවේ ඇඟ බේරගන්නවා. එතකොට වැඩේ ගොඩේ ගොඩ.

නමුත් පරිසරය රකින්න නිලධාරි රොත්ත බුරුත්තක්‌ හිටියත් අනේ දෙයියනේ වැඩක්‌ නැති ගානයි. කොහොමෙන් කොහොමෙන් හරි තව ටික දවසින් මහා වැසි ඇද හැලෙද්දි ගල්ඔය පාලමත් බිමට වැටේවි.

කොහොම උනත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ බොහෝ තැන් සුද්ද කරන්න තියෙනවා. බොහෝ නිලධාරින් කුණු ගොඩක්‌ වෙලා හිතු මනාපෙට ජරාව ගන්නවා කියලා කියන්නෙත් ඒ අයට ජරාව දෙන අයමයි.

භු විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ නව සභාපති අසේල ඉද්දවෙල මහතා අවංක හොඳ කෙනෙක්‌ කියලයි ආරංචිය. ඔහු ඉඩම් ගොඩකිsරීමේ සංස්‌ථාව වැටිලා තියෙන කාලේ ලාභ ලබන ආයතනයක්‌ කරා කියලයි ආරංචිය. යහපාලනය ගොඩනගද්දි පරිසර අමාත්‍යංශය ජනපති යටතේයි තිබ්බේ. ජනාධිපතිතුමා පරිසර හිතකාමී පුද්ගලයෙක්‌ වුවත් කෙතරම් උත්සාහ කරත් පරිසර අමාත්‍යංශය යටතේ තිබෙන ඇතැම් ආයතනවල සමහර නිලධාරින් නිසා ඒ අරමුණු සාක්‌ෂාත් කරගන්න හැකි වෙලා නැහැ. ඒ නිසා පරිසරය සම්බන්ධ ආයතනවල ගොඩක්‌ ගැටලු තියෙනවා.

ඒ අතරින් බොහෝ දෙනෙක්‌ පවසන්නේ භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අවුලෙන් අවුලට පත්වෙලා කියලයි. ඒ නිසා නව සභාපති අසේල ඉද්දවෙල මහතා මෙම ආයතනය දෙපයින් සිටුවලා කෙලින් කරලා යළි ගොඩ ගනියි කියලා ගොඩක්‌ දෙනෙකුට විශ්වාසයක්‌ තියෙනවා. ඒ ඔහු අවංක පුද්ගලයෙක්‌ කියලා ප්‍රසිද්ධ නිසා. ඒ නිසා අපි අසේල ඉද්දවෙල සභාපතිවරයාට කියනවා එන්න අම්පාරේ ඇවිත් බලන්න භූ විද්‍යාවේ කෙරුවාව හොඳද කියලා. නිලධාරින් කියන සේ කොළඹ ඉදන් අහනවාට වඩා ගල්ඔය ගඟේ පාලම බලල අපි හොයමු සුපින්වත් නිලධාරීන්ගේ වැඩ කිඩ. ඔබතුමා හරියට කරොත් අපේ සහයත් ඔබට නිරන්තරයෙන් ලැබෙනවා. බලමු අපි ඔබතුමාගේ වැඩ කිඩ මේ පාර.

සුසන්ත අමර බන්දු

LEAVE A REPLY