34 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අද (27 වැනිදා) ජිනීවා නුවරදී ආරම්භ වේ. මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් 10 කට අධික පිරිසක්‌ මානව හිමිකම් කොමිසමේ ශාලාව වෙන්කර ගෙන තිබේ.

එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකුද ශ්‍රී ලංකාවට එරෙහිව අද තම වාර්තා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

ජිනීවා යෝජනාව සම්බන්ධව කල් දෙන ලෙස ඉල්ලමින් ඇමැති මංගල සමරවීර මහතා හෙට (28 වැනිදා) මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.

ඒ මහතා සමඟ මනෝ තිත්තවැල් මහතාද ජිනීවා පැමිණ ඇත. ඊළාම් ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් 15 දෙනකුද ඊයේ (26 වැනිදා) ජිනීවා නුවරට පැමිණ තිබේ. මෙවර ඇමරිකාව වෙනුවට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් ජිනීවා යෝජනාව අංක 02 නමින් යෝජනාවක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත.

මේ අතර, එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරියක්‌ විසින් ශ්‍රී ලංකාවේ උතුරේ වෙරළාසන්න ප්‍රදේශවලින් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත නිර්දේශයක්‌ යොමු කර තිබේ.

LEAVE A REPLY