මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියේ දූෂණයක් සිදුව ඇති බවට චෝදනා එල්ලවී තිබෙන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් බැංකු ගිණුමෙන් වෙනත් ආයතන මිලදී ගැනීම හෝ මුදල් යෙදවීම තහනම් කොට ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගිණුමේ මුදල් වෙනත් ආයතනවලට යෙදවීම තහනම් කර තිබේ.
මේ අතර එම ගිණුමෙන් මුදල් ආපසු ගැනීමද සීමා කර ඇති බවද වාර්තා වෙයි. එම ගිණුමේ මුදල් තැන්පතු හා ආපසු ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි නිරීක්‍ෂණයක යෙදී සිටින බවද ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

  • මව්බිම

LEAVE A REPLY