කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වෙන බව එජාපයේ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එහිදී කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද ඔහු කීය.

ඒ අතර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේ නව ගිවිසුමක් මත ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟතාවට එළැඹ ඇති බවයි.

කැබිනට් මණ්ඩලය අලුතින්ම පත්කිරීමට රජය පසුගියදා තීරණය කළ අතර ඒ සඳහා විද්‍යානූකූල පදනමක් මත විෂය පථයන් සැකසීමේ වගකීම ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත පැවරී තිබුණි.

රජයේ ප්‍රකාශකයකු ඊයේ පැවසුවේ මැයි පළමුවැනිදාට පෙර අනිවාර්යෙන්ම නව කැබිනට් මණ්ඩලය පත්කෙරෙන බවයි. කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව 2020 වසර දක්වා පවත්වාගෙන යාමටත් ජනතාවාදී හා ජනතාවගේ ජිවන තත්වය ඉහල මට්ටමකට ගෙන ඒමට හැකි අයුරින් වෙනස්කම් කර ඉදිරි වසර දෙක සාර්ථකව රජය පවත්වාගෙන යාමට ජනපති අගමැති එක්ව තීරණ ගනු ඇති බව ජනතාව බලාපොරොත්තුවෙන් පසුවේ…

LEAVE A REPLY