ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිබඳව විවධ මත පළකරමින් අනාවැකි පලකල ජෝතිශ්‍යවෙදියෙක් යයි කියාගන්නා විජිතරෝහණ විජේමුණි නැමැත්තා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් වුයේ මහජනතාව මුලා කිරීම හා ජන කැළඹීම සඳහා උත්සාහ දැරීමේ චෝදනාවටය.

අත් අඩංගුවට පත්වූ විජිත රෝහණ මහතාගෙන් කල ප්‍රශ්නකිරීම් හමුවේ මෙම ක්‍රියාවලිය පසුපසින් ඔහුට සහය දෙන්නේ සහ මෙසේ දේශපාලන අනාවැකි ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් දෙන්නේ උදය ගම්මන්පිල මහතා බවට ඔහු ප්‍රකාශ කොට ඇත. එමෙන්ම විජිතරෝහණ මහතාගේ බිරිඳද මෙම අත්අඩංගුවට පසුව උදය ගම්මන්පිල මහතා අමතා ඔහුට බැන වැදී ඇත්තේ මේ ලෙස තම සැමියා කටයුතු කලේ ගම්මන්පිල මහතාගේ උපදෙස් මත නිසා ඔහුව බේරා දෙන ලෙසටයි.

සමාජ ජාල තුල අසත්‍ය ප්‍රචාරයන් ප්‍රචලිත කරමින් ජෝතිශ්යද හෑල්ලුවට ලක් කල මෙම පුද්ගලයා පිළිබඳව සමස්ත සමාජ ජාල තුල හා සාමාන්‍ය සමාජය තුලද කතා බහට ලක් වන අතර මෙම පුද්ගලයා දේශපාලන වුවමනාවන් මත මෙසේ හැසිරීම දැඩි විවේචනයට ලක්වී ඇත…

LEAVE A REPLY