ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 66 වැනි සංවත්සරය අදට (02 වැනිදා) යෙදී ඇත.

‘සුරකිමු ලකඹර’ උදෘත පාඨය කර ගනිමින් පුරා වසර 66 ක්‌ තම මෙහෙවර මාතෘභූමියට නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වී තිබේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතී මහතාගේ මඟපෙන්වීම මත මේ නිමිත්තෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය කේන්ද්‍ර කරගෙන හෙට (03 වැනිදා) සිට 05 වැනිදා දක්‌වා ගුවන් හමුදා ප්‍රදර්ශනයක්‌ සහ සැණකෙළියක්‌ සංවිධානය කර ඇත.

මෙම සැණකෙළියේදී ගුවන් හමුදාව සතු හැකියාවන් සහ දක්‍ෂතාවන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ආකාරය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්ත්වයන්හිදී හා ස්‌වභාවික ව්‍යසනයන්හිදී ගුවන් හමුදාව ක්‍රියාකර කර ඇති ආකාරය නිදර්ශනාත්මකව පෙන්වීමට ද කටයුතු යොදා ඇත.

ගුවන් යානා, ගුවන් කරණම්, පැරෂුට්‌, රෙජිමේන්තු විශේෂ බළකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන්, ගුවන් සුනඛ, තූර්ය වාදන හා සරඹ, සංස්‌කෘතික සංදර්ශනවලින් සමන්විත ප්‍රදර්ශනය සහ සැණකෙළිය එම දිනවල සවස 2.30 සිට රාත්‍රී 11 දක්‌වා පැවැත්වෙයි

LEAVE A REPLY