කොස්‌ කොළ හෝ ක්‍රෝටන් කොළ කෑමට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස තමා හෝ රජය හෝ කිසිම අවස්‌ථාවක ජනතාවට කියා නැතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඊයේ (15 දා) පැවැසී ය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.

දේශපාලන වශයෙන් යන එන මං නැතුව බංකොලොත් වී සිටින විපක්‍ෂය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ආහාර ප්‍රවර්ධන වැඩසටහනකදී කරන ලද ප්‍රකාශයක්‌ අල්ලාගෙන ආණ්‌ඩුවට මඩ ගහන්න හා ආණ්‌ඩුව විවේචනය කරන්න පටන්ගෙන තිබෙනවා.

කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස මා අද වන තෙක්‌ මේ ප්‍රශ්නයට පිළිතුරු නොදුන්නේ මෙම ප්‍රකාශය කතා කරන්න තරම් වැදගත් නොවන නිසයි.

කොස්‌ කොළ සහ ක්‍රෝටන් කොළ කතාව ජාතික ප්‍රශ්නයක්‌ බවට පත්කළේ මාධ්‍ය විසිනුයි. කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස මමවත් අගමැතිවරයාවත්, ජනාධිපතිවරයාවත් කොස්‌ කොළ සහ ක්‍රෝටන් කොළ කන ලෙස කොතැනක හෝ ප්‍රකාශ කර ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරනවා, යෑයිද ඇමැතිවරයා පැවැසීය.

LEAVE A REPLY