කෘෂිකාර්මික ක්‌ෂේත්‍රයේ නව්‍යකරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 125 ක සහන ණයක්‌ ශ්‍රී ලංකාවට ලබා දෙයි.

මීට අදාළ ගිවිසුම අත්සන් තැබීම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී සිදුවූ අතර ඒ සඳහා මහා භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා සහ ලෝක බැංකුවේ මෙරට නේවාසික නියෝජිත අයිඩා ස්‌වරායි රිඩ්ඩිහවු මහත්මිය අත්සන් තබන ලදී. මෙරට ගොවීන් අපනයනකරුවන් බවට පත් කර ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම කෘෂිකාර්මික නව්‍යකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය කියයි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ගොවියන් අපනයනකරුවන් බවට පත්කර ඔවුන්ගේ ආදායම නැංවීමේ අරමුණෙන් මෙරට කෘෂි අංශය නව්‍යකරණය කිරීමට මෙරට රජය සැමවිටම කැපවී සිටී. අඩු ඵලදාව ව්‍යාපාරික ඵලදාව දක්‌වා දියුණුකර අඩු ආදායම් ලබන සහ ඒ මත යෑපෙන කුඩා ගොවීන් ව්‍යාපාරික මට්‌ටම දක්‌වා ගොඩනැංවීම මෙහි අරමුණයි.දැනටමත් ආරම්භ කර ඇති 2016 – 2018 ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ප්‍රධාන භෝග 5 වන අර්තාපල්, ලොකු ලූනු, මිරිස්‌, බඩ ඉරිඟු හා සෝයාවලින් රට ස්‌වයංපෝෂිත කිරීමට නියමිතය.

LEAVE A REPLY