මෙවර IPL තරඟාවලියෙන් කෙටි කාලයක් තුල ඉවත් වූ සිව් වන ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා බවට පැට් කමින්ස් පත්වී ඇත.කමින්ස් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙවර තරඟාවලියේ කිසිම තරඟයකට ක්‍රීඩා නොකළ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ අවසාන ටෙස්ට් තරඟයේදී ඇතිවූ අභාද තත්වයක් නිසා ඔහු තරඟාවලියෙන් ඉවත් කරගන්නා බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රකාශකයෙකු පවසා ඇත.කුමින්ස් දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අවසාන තරඟයේ ක්‍රීඩා කරද්දී ඇතිවූ මෙම ආබාද තත්වය නිසා ඔහුට විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබීම නිසා මුම්බායි කණ්ඩායමට මෙම පන්දු යවන්නා අහිමි වී ඇත.ක්‍රීඩක වෙන්දෙස්සියෙදී USD 831,475 ක මිලකට මිලදී ගත් කුමින්ස්ගෙන් මුම්බායි කණ්ඩායමට එකඳු කඩුල්ලක්වත් නොලැබීම විශේෂත්වයකි.

දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ තරඟාවලියේ වැඩිම කඩුලු ලබාගත් ඕස්ට්‍රේලියා පන්දු යවන්නා වූ කුමින්ස් එංගලන්තය සමඟ ඉදිරි ජුනි මාසයේ ආරම්භ වන ක්‍රිකට් තරඟාවලිය සඳහා හොඳ තත්වයකින් සුදානම් කරවීම වැදගත් නිසා ඔහු සම්බන්ද අවධානම් තීරණයක් ගැනීම සිදු නොකරන බවද ඔස්ට්‍රේලිය ක්‍රිකට් ප්‍රකාශකයා IPL තරඟාවලියෙන් කුමින්ස් ඉවත් කර ගැනීම පිළිබඳව පවසා ඇත.

2018 IPL තරඟාවලියට දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරඟාවලිය දැඩි ලෙස බලපෑම් කල අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් සිව් දෙනෙකු එම තරඟාවලියේ ඇතිවූ තත්වයන් හමුවේ තරඟාවලියෙන් ඉවත් විය.කුමින්ස් සහ ස්ටක් මේ තරඟාවලියේ ඇතිවූ අභාද නිසා IPL අහිමි කර ගනිද්දී ස්මිත් සහ වෝනර් පන්දුව පලුදු කිරීම නිසා තරඟාවලිය අහිමිකර ගෙන ඇත.

මේ අනුව මුම්බායි වේගපන්දු බල ඇණියේ ශක්තිය තවත් අඩුවී ඇති අතර මෙතෙක් කාලයක් මුම්බායි වේගපන්දු බල ඇණිය බාර අණදෙන්නා වූ මාලිංග මෙවර ක්‍රීඩා නොකිරීම නිසා ශක්තිය බාලවූ වේගපන්දු බල ඇණියට අලුතෙන් ක්‍රීඩකයෙකු කැඳවයි ද වේගපන්දු උපදේශක මාලිංගම පන්දු යවන්නට සිදු වේ දැයි අප බලා සිටිමු.

LEAVE A REPLY