ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියක් අතරවාරයේ තරග පාවාදුන් බවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණයේදී කිසිවකු වැරදිකරුවන් බව තීරණය වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදීමට නොපැකිළෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

එක් තරගයකදී දිනක් ඇතුලත ලකුණු 600 ක් රැස්කිරීම සහ තවත් තරගයකදී කණ්ඩායමක සියලු ක්‍රීඩකයන් ලකුණු 32 කට දැවීයාම ඇතුළු චෝදනා කිහිපයක් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන් කළ සභාපතිවරයා, එම පරීක්ෂණයේ ප්‍රතිඵල මේ සතිය ඇතුලත ලබාදෙන මෙන් තමන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන් කළේය.

“පැහැදිලිවම අඩුපාඩුවක් වෙලා තියෙනවනම් ඒ අයට දැඩි දඬුවම් දෙනවා. හැබැයි ඒ ගැන කියන්න තාම කලින් වැඩියි,” ඔහු පැවසීය.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බව අවධාරණය කළ සභාපතිවරයා, තේරීම් කමිටුවේ කටයුතුවලට ‘ඇඟිලි ගසන’ බවට එල්ලවන චෝදනා ද ප්‍රතික්ෂේප කළේය.

“තේරීම් කමිටුවට අපි සම්පූර්ණ නිදහස දීල තියෙනවා හැබැයි අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා අපේ ගමන් මාර්ග,” ඔහු පැවසීය.

  • BBC සිංහල

LEAVE A REPLY