කුමන මත පැතිරවුවද අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඇති විශ්වාසභංග යෝජනාවට තම පක්ෂයේ මන්ත්‍රිවරු හය දෙනාම අද (04දා) දින සහාය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ප්‍රධාන ලේකම්වරයා පැවැසුවේ විශ්වාසභංග යෝජනාවක් වැනි පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථාවකදී විවිධ මත, පැතිරවීම සාමාන්‍ය සිදුවීමක් බවය.

කෙසේ නමුත් අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව සහාය දීමට ජනතා විමුක්ති පෙරමුණ කල් සිට තීරණය කළ බවත්, එහි කිසිදු වෙනසක් නොමැති බවත් සිල්වා මහතා පෙන්වා දුන්නේය.

එකී විශ්වාසභංග යෝජනාවට ජවිපෙ මන්ත්‍රිවරුන්ගෙන් කොටසක් සහාය පළ නොකර සිටින බවට කටකතා පැතිරවුවත් එවැනි විශේෂ අවස්ථා මඟ හැර කටයුතු කළේ කවුද යන්න රාජපක්ෂ කණ්ඩායම සිහිපත් කරගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

LEAVE A REPLY