මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඉතා සශ්‍රීක ආකාරයෙන් ශ්‍රී ලාංකිකයන් සැමැරීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර අවුරුදු චාරිත්‍ර සිදුකලේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ සිටයි. මෙම අවස්තාව රුපවාහිනි නාලිකාවල සජීවීව විකාශය වූ අතර වෙනදාට වඩා වෙනසක් මෙවර ජනාධිපතිතුමාගේ අවුරුදු චාරිත්‍ර ඉටු කරනා විට දකින්නට ලැබුනා.

ජාතික සමගිය ශක්තිමත් කරමින් උතුර දකුණ යාකරනා සංහිඳියාව මනාව පිළිබිඹු කරමින් ප්‍රථම වතාවට ද්‍රවිඩ සන්ධානය නියෝජනය කරන සහ වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් රැසක් ජනපති නිල නිවසට පැමිණ සිටියේ ජාතික සමගිය ශක්තිමත් කිරීමේ මහඟු ආදර්ශය රටේ පළමු පුරවැසියාගේ නිවසේ සිටම සමස්ත රට වැසියන්ට මෙන්ම මුළු මහත් ලෝකයටම පෙන්වා දෙමින්.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂ මතවාද හා ජාති භේධ අමතක කරමින් අලුත් අවුරදු සැමරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක් වූ මෙම පිරිස ජනතාවට ලබා දෙන්නේ මහඟු ආදර්ශයක් මෙන්ම රටේ අනාගතයට යහපත් මාවතක් වන අතර ජනතා අපේක්ෂා ඉටු කරමින් විවිධ භාධක මධ්‍යයේ මෛත්‍රී ජනාධිපතිවරයා සමඟ රට හරි මාවතට ගෙන ඒමට එක් වන තම නියෝජිතයින් දෙස ජනතාව බලා සිටින්නේ ඔවුන් තම බලාපොරොත්තු ඉටු කරනා තුරුයි.

ජනපති මැදුරේ අවුරුදු චාරිත්‍රවලට එකතු වූ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින්ගේ චායරුප පෙළක් පහතින්…

LEAVE A REPLY