රටක අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය දීර්ඝතම මෙන්ම උතුම් ප්‍රතිඵල ලබාදෙන්නා වූ ආයෝජනයන් නිසා ඒ වෙනුවෙන් රජයක්‌ විදියට සියලු කැපවීම් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 25 දා පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‌ෂ 40 කට වැඩි දරු පිරිස ජාතික මෙන්ම ජාත්‍යන්තර තලය තුළත් විශිෂ්ටයන් බවට පත් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම් සහ සම්පත් ලබාදෙමින් අපේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ රුපියල් එක්‌කෝටි අනූනව ලක්‌ෂයක වියදමින් අභිනවයෙන් ඉදිකෙරුණු පිහිනුම් තටාකය සහ රුපියල් එක්‌කෝටි හතළිස්‌ ලක්‌ෂයක වියදමින් ඉදිකළ නව ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ද ජනාධිපතිවරයා අතින් මෙදින සිසු අයිතියට පැවරීම සිදුකෙරිණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“මා ඉතාමත් සතුටු වෙනවා. මගේ පාසලේ අද ඓතිහාසික දවසක්‌. සුන්දර පරිසරයක තාක්‌ෂණික උපදෙස්‌ මත ගොඩනැඟුණු ක්‍රීඩාංගණයක 2017 වසරේ රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පවත්වන අවස්‌ථාවේ ඔබ සමඟ එක්‌වීමට ලැබීම මා ඉතාමත් භාග්‍යයක්‌ කොටයි සලකන්නේ. අද වගේම දවසක මට මතකයි රාජකීය විද්‍යාලයේ මම ශිෂ්‍යයෙක්‌ විදියට අවසන් වරට සහභාගි වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙලත් පැවැත්වුණේ මීට අවුරුදු 46 කට පෙර 1971 අප්‍රේල් මාසයේ පස්‌ වැනිදායි. මේ දරුවන් වගේම 1971 අප්‍රේල් මාසයේ පස්‌ වැනිදා මේ ක්‍රීඩා පිටිය තුළ අද ඔබ ඉන්න විදියටම ඔබ ශිෂ්‍යයෙක්‌ විදියට කටයුතු කරන විදියටම, ක්‍රීඩකයෙක්‌ විදියට කටයුතු කරන විදියටම මම එදා කටයුතු කළා. ඒ වගේම අද මේ පාසලට පැමිණි අවස්‌ථාවේ විශේෂයෙන්ම ශිෂ්‍ය භට කණ්‌ඩායමේ පැවැත්වුණු ආචාර පෙළපාලිය අවස්‌ථාවේ මගේ මතකය ඇදී ගියේ 1969 සහ 70 වර්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙක්‌ විදියට මේ විද්‍යාලයේ දියතලාවේ පුහුණු කඳවුරට සම්බන්ධ වූ ආකාරයත් අද මේ සිසු දරුවන් ආචාර පෙළපාලියේ සිටි ආකාරයට මමත් එදා ශිෂ්‍ය භටයෙක්‌ විදියට හිටියා. එදා ඒ වගේම මම පාසල් යන විට බාලදක්‌ෂ සේවයේ දරුවන් දකින විට මගේ මතකය ඇදී ගියේ මම බාලදක්‌ෂයෙක්‌ විදියටත් මේ පාසලේ එදා කටයුතු කරපු ආකාරය. අද ඔබ ක්‍රීඩා කරන්නේ විධිමත් තාක්‌ෂණික උපදෙස්‌ මත ඉදිවූ අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයකයි. එදා මා ක්‍රීඩා කළේ ශිෂ්‍යයෙක්‌ විදියට ක්‍රීඩා පිටියක නොව පිට්‌ටනියකයි. එදා පිට්‌ටනියේ සිටි ශිෂ්‍යයෙක්‌ අද මේ දරුවන්ට නව තාක්‌ෂණය යටතේ ක්‍රීඩාගාරයක ක්‍රීඩා කරන්න ඔබට අවශ්‍ය විදියට අනෙකුත් විවිධ අංශවල සැණකෙළි බලන්න කටයුතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. සී. පී. ද සිල්වා මැතිතුමා මේ රටේ ශේ්‍රෂ්ඨ දේශපාලනඥයෙක්‌ විදියට පොලොන්නරුව සංවර්ධනය වගේම මේ රටේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී අපට දායක කළ මේ රාජකීය විද්‍යාලය මම ඉතාමත් සතුටු වෙනවා. අද ලංකාවේ කිසිම පාසලකට නොදෙවැනි ආකාරයට අංග සම්පූර්ණ සියලු දේවල්වලින් පිරි පාසලක්‌ බවට පත් කරන්න මගේ දායකත්වය මගේ ආණ්‌ඩුවක්‌ තුළ ලබල දෙන්නට පුළුවන්වීම පිළිබඳව. ප්‍රධාන වශයෙන් පොලොන්නරුව රාජකීය විද්‍යාලය මේ උසස්‌ මට්‌ටමට ගෙන එනවා වගේම භෞතික සම්පත්වලින්, මානව සම්පත්වලින් ඉන් එහා තිබෙන මීට පෙරත් මා කියා තිබෙන ආකාරයට දරුවනේ දැන් තිබෙන්නේ ඔබේ වාරයයි. ඔබ දක්‌ෂ නම් ඔබේ හැකියාවන්, ඔබේ නිර්මාණශීලි භාවයන්, ඔබේ කුසලතාවන් තුළ ඔබ දක්‌ෂ දරුවන් වගේම, දක්‌ෂ පුරවැසියන් වගේම, ජාතික වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් විවිධ ක්‌ෂේත්‍රවල ජයග්‍රහණය ලබන විශිෂ්ටයන් වනු දැකීමයි අපි කාගේත් ප්‍රාර්ථනාව සහ අරමුණ. මේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපි රජය විදියට කටයුතු කිරීම පළාත් සභාවේ දායකත්වය සහයෝගය අධ්‍යාපන අමාත්‍යාංශය මේ සඳහා දෙන දායකත්වය මා ඉතාමත් අගය කරනවා. මීට පසුපස ඉදිවන අංග සම්පූර්ණ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයට ලැබුණු ඓතිහාසික සම්පතක්‌ විදියට. පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයට තියෙන පාසල් දෙසිය හයෙන් හැටක්‌ අද zපිබිදෙමු පොලොන්නරුවZ වැඩසටහන යටතේ පුළුල් සංවර්ධනයකට ලක්‌ වෙමින් තිබෙනවා. මේ දිස්‌ත්‍රික්‌කයේ සියලුම පාසල් අංග සම්පූර්ණ කිරීම, අවශ්‍ය සම්පත් ලබාදීම, ප්‍රායෝගික වශයෙන් දරුවන්ට ඒ පාසල්වල ඉගෙනීම් කරන විට අවශ්‍ය සම්පත් ලබාදීම තුළ zපිබිදෙමු පොලොන්නරුවZ වැඩසටහන මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ අධ්‍යාපනයේ පරිවර්තනයක්‌ පෙරළියක්‌ කරමින් මේ කරන අනාගත ආයෝජනය තුළ මේ දිස්‌ත්‍රික්‌කයෙන් ලෝකය ජයග්‍රහණය කරන විශිෂ්ටයන් බිහිවෙයි කියලා. ඒ නිසා මේ දෙන සම්පත් පොලොන්නරුව රාජකීය විද්‍යාලයට පමණක්‌ නොවෙයි අද පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පාසල්වල බැලුවොත් ඒ සෑම පාසලකම ඔබට දකින්නට පුළුවන් zපිබිදෙමු පොලොන්නරුවZ වැඩසටහන යටතේ තිබෙන නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව. අපි ක්‍රියාත්මක කරලා තිබෙන තුන් අවුරුදු සැලැස්‌මක්‌ තුළ මේ වන විට වැඩ ආරම්භ කරලා තිබෙන්නේ විද්‍යාලවල වැඩකටයුතු මේ වසරේත් ලබන වසරේත් ඉවරයි. සෑම පාසලකම 2018 අවසන් වන විට පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ විශේෂයෙන්ම පාසල්වල භෞතික සම්පත්වල කිසිම අඩුවක්‌ නැතිව අංග සම්පූර්ණ වේවි කියලයි. මහ ඇමැතිතුමාත් සමඟ මම සාකච්ඡා කරමින් හිටියේ මානව සම්පත් සම්පූර්ණ කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය ගුරු හිඟය. අපි ප්‍රශ්නය, ගැටලුව විසඳීම සඳහා මේ වන විට ගෙන යනු ලබන වැඩසටහනේ සාර්ථකත්වයක්‌ දැකීමයි. ඒ වගේම මම ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව මේ වසරේ අපට පුළුවන් වෙනවා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පොලොන්නරුව නගරයේ ඉදිවෙන සංහිඳියා පාසල් වැඩකටයුතු ආරම්භ කරන්න. මම ඉන්දීය රජයෙන් කරපු ඉල්ලීමක්‌ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් අපිට පරිත්‍යාග කරලා තිබෙනවා. ණයක්‌ නොවෙයි ප්‍රදානයක්‌. මේ දිස්‌ත්‍රික්‌කයේ සිංහල, දමිළ, මුස්‌ලිම් සියලු දරුවන්ට එකට ඉගෙනගන්න පුළුවන් පාසලක්‌ අපි නිර්මාණය කරන්න. ඒ වගේම ලබන ජූලි පළමුවැනිදා අපි වැඩ ආරම්භ කරනවා. මගේ ඉල්ලීම අනුව චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහල පොලොන්නරුවට පරිත්‍යාගයක්‌. එය ණයක්‌ නොවෙයි. මම විශ්වාස කරනවා එය මුළු ලංකාවේම රෝගීන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කරන්න. මේ විදියට ගත්තම අපි අධ්‍යාපන ක්‌ෂේත්‍රය ඒ වගේම සෞඛ්‍යය, අනෙකුත් සියලු ක්‌ෂේත්‍රයන් ඒ අතරේ. ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සියලු අංශ රජයක්‌ විදියට අවශ්‍ය ඉලක්‌ක කරා යමින් මේ සංවර්ධන ක්‍රියාදාමය ඉතාමත් සාර්ථක විදියට ක්‍රියාත්මක කරන කාලසීමාවක්‌ ඔබට පොලොන්නරුව රෝහලට ගිය විට දකින්නට පුළුවන්.

පොළොන්නරුව අද මොනතරම් විධිමත් කාර්යක්‍ෂම සංවර්ධනයක්‌ කරා යනවද කියල ඒ සම්පත් තුළ. ඒ වගේම තමයි ඒවායේ සේවය කරන වෛද්‍යවරු ඇතුළු ඒ සියලු කාර්ය මණ්‌ඩල ඉතාම විශිෂ්ට සේවයක්‌ කරනවා. අපි රටක්‌ විදියට බලාපොරොත්තු වෙන්නේ මේ සියලු අංශවල සංවර්ධනය. කෙනෙක්‌ කියන්න පුළුවන්, අහන්න පුළුවන් ඇයි පොළොන්නරුවට විතරක්‌ද මේ විශේෂ ව්‍යාපෘති කියලා. නෑ ලංකාවේ සෑම දිස්‌ත්‍රික්‌කයකම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අපි කරන්නේ පොළොන්නරුවේ අතපසු වූ දේ පොළොන්නරුවට අත්‍යවශ්‍යම දේ පොළොන්නරුව ලංකාවේ තවත් දිස්‌ත්‍රික්‌කයකට නොදෙවෙනි දිස්‌ත්‍රික්‌කයක්‌ බවට මේ දිස්‌ත්‍රික්‌කය පත් කිරීමේ ඒ උතුම් ව්‍යායාමය තමයි කරමින් තිබෙන්නේ. ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්‌ විදියට මේ විද්‍යාලයට මගේ ආදරය සහ ගෞරවය සමග මේ දරුවන් දකින විට මගේ සිහියට එන්නේ ඔබ මෙන් මමත් ශිෂ්‍යයෙක්‌ විදියට මේ පාසලේ ගත කරපු කාලයයි. ඒ නිසා දරුවනේ ඔබට මම මේ වගේ දෙයක්‌ කියනවා. ඔබ සෑම අතින්ම වාසනාවන්තයි. ඔබ සෑම ක්‍ෂේත්‍රයකින්ම භාග්‍යවන්තයි. ඔබට පාසලේ ප්‍රධාන වශයෙන් විභාගවලින් ඔබ ලබන ජයග්‍රහණ වගේම ඒ සඳහා සූදානම් වීම වගේම විභාග සමත්වීම වගේම මා කවදත් කියන පරිදි ජීවිතය සමත්වීම සඳහා සමාජය තුළ ප්‍රායෝගිකව තිබෙන ගැටලු සහ ප්‍රශ්න තේරුම් අරගෙන ඔබේ ජීවිතයේ ආත්ම ශක්‌තිය, ආත්ම ධෛර්ය, අධිෂ්ඨානශීලීභාවය, කැපවීම, විනය විශිෂ්ටත්වය තුළ ඔබ මේ රටේ ශේ්‍රෂ්ඨ විශිෂ්ට පුරවැසියන් වනු දැකීමයි අපේ අරමුණ. ඒ සඳහා ඒ ගමන් මගේ ඔබ ගෙනයන්ට, ඔබේ අනාගතය ශක්‌තිමත් කරන්නට අප විසින් දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්‌ම ඔබට නොපිරිහෙළා ලබාදෙන බව ප්‍රකාශ කරන්නට ඕන. වර්තමාන විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමාල, තුමියලත් ආචාර්ය මණ්‌ඩලය මෙම විද්‍යාලයේ දරුවන් සඳහා කරන කැප කිරීම මා ඉතාමත්ම අගය කරනවා. විදුහල්පතිතුමාගේ නායකත්වයත්, ආචාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාගේ තිබෙන කැපවීම සහයෝගය තුළ මේ සියලු භෞතික සම්පත්වලින් අනූන මේ පාසල ලංකාවේ විශිෂ්ටතම පාසලක්‌, විභාගවලින් වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඇතුළු අනෙක්‌ බාහිර ක්‍රියාකාරකම් තුළ විවිධ ක්‍ෂේත්‍ර තුළ විශිෂ්ටතම පාසලක්‌ බව පත්කර ගැනීමට විදුහල්පතිතුමාත් ආචාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාත් කරන කැපවීම මා ඉතාමත් අගය කරනවා.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවිරාල් විජයවංශ මහතා පිළිගැනීමේ කතාව කළේය.

උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර පී. බී. දිසානායක, උතුරුමැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ආර්. එම්. පී. බී. රත්නායක යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY