ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුථව අද (07) පෙරවරුවේ ජකර්තා නුවර දී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක උත්සවය සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

සමුළුව පැවැත්වෙන ජකර්තා නුවර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ (Joko Widodo)  මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් 21 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් මෙම සමුථවට එක්ව සිටින අතර ඔවුන්ගෙන් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමි වූයේ ඉහළ පිළිගැනීමකි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තව සුළු මොහොතකින් සමුථව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY