ඉන්දියානු සාගරය සාමකාමී ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සාමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම යන තේමාව යටතේ මෙවර රාජ්‍ය නායක සමුළුව හෙට (07දා) පැවැත්වෙයි.

ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව ඇතුළු රටවල් 21ක රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් මේ සමුළුවට සහභාගි වීමට නියමිතය.
ඉන්දීය සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ඉන්දීය සාගර කලාපයීය රටවල සංවිධානයේ 20 වැනි සාංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව පැවැත්වේ.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (07දා) පෙරවරුවේ සමුළුව ඇමැතීමට නියමිතය.
ජනාධිපතිවරයාට අමතරව විදේශ ඇමැති මංගල සමරවීර, ඇමැතිවරුන් වන වී. රාධා ක්‍රිෂ්ණන්, සුජීව සේනසිංහ, දිලිප් වෙදආරච්චි, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා යන මහත්වරුන්ද මේ සමුළුවට සහභාගි වීමට නියමිතය.

LEAVE A REPLY