ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග ඇමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් ඇමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි.ඇමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය ලබාදෙනු ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිහේතුවෙන් මෙලෙස ඇමරිකාවේ සහය හිමිකරගැනීමට හැකි වී ඇත.ජනාධිපතිවරයාගේ දේශීය යාන්ත්‍රණය පිළිබද ස්ථාවරයට ඇමරිකාව විශේෂ පැසසුමකට ලක් කර ඇත.ඒ අනුව විදෙස් විනිසුරුවන් නොමැතිව ශ්‍රී ලංකාව තුලදී මෙම ක්‍රියාවලිය ගෙනයාමට ඇමරිකාවේ සහය ශ්‍රී ලංකාවට හිමිවීම ඉතා සුභදායි කාරණයකි.

LEAVE A REPLY