ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල අන්තර් සමාජ T20 තරඟාවලිය නිමාවට පත් වුනේ NCC කණ්ඩායමට තරඟාවලියේ ශුරතාවය දිනා දෙමිනි,තරඟාවලිය තුල පිතිකරුවන් පන්දු යවන්නන් පෙන්වූ දක්ෂතා ගැන මාද්‍ය ඔස්සේ කතා කලද තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තරඟාවලියේ කැපී පෙනුන ක්‍රීඩකයන් ගැන එතරම් කතා බහට ලක්වන අකාරයක් අපට දක්නට ලැබුනේ නැත.

අප අද විමසන්නේ මෙම තරඟාවලිය තුල සුපිරි තුන් ඉරියව් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් පස් දෙනෙකු පිලිබඳවය.මෙම ක්‍රීඩකයන්ගෙන් කුමන ක්‍රීඩකයා වඩා දක්ෂතා දැක්වූවාද යන්න අපට තීරණය කිරීමට තරම් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වල එකිනෙකට විශාල වෙනසක් දැකිය නොහැකි අතර මෙම තොරතුරු කියවන ඔබ ,වඩාත් දක්ෂයා කවුරුන්ද යන්න තීරණය කරන්න.

තරඟාවලිය තුල කැපී පෙනෙන දක්ෂතා පෙන්වන්නට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම නියෝජනය කරන නවක තුන් ඉරියව් ක්‍රීඩකයකු වන රුමේෂ් මෙන්ඩිස් සමත් විය.තවමත් වයස 22 ක් වන මෙම තරුණ ක්‍රීඩකයා පිතිකරුවෙකු ලෙස තරඟ 6ක් තුල ලකුණු 128 ක් ලබා ගන්නට සමත් වූ අතර ඔහුගේ පිතිකරණ සාමන්‍යය සටහන් වුයේ 32ක් ලෙසය.තරිඳු පන්දු යවන්නෙකු ලෙසද දක්ෂතා දක්වමින් තරඟ 6 තුල කඩුලු 6ක් පිට දඟ පන්දු යවන්නෙකු ලෙස දවා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම කලක් නියෝජනය කල ප්‍රහාරාත්මක පිතිකරුවකු වන සීකුගේ ප්‍රසන්න තරඟාවලියේ තරඟ 7 ක් තුලදී පිතිකරුවෙකු ලෙස ලකුණු 98 ක් ලබාගන්නට සමත් වූ අතර ඔහුගේ ප්‍රහාරක වේගය දැක්වුණේ 171.92ක් වැනි ඉහල අගයකය.පන්දු යවන්නෙකු ලෙස ප්‍රසන්න කඩුලු 12ක් දවා ගන්නට සමත් වූ අතර කඩුල්ලක සාමන්‍යය දැක්වුණේ 16.08 ක් ලෙසය.

ශ්‍රී ලංකා කණ්ඩායම කලක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉහල සේවයක් කල තිලකරත්න ඩිල්ෂාන්ගේ සොහොයුරා වන තිලකරත්න සම්පත් තරඟාවලිය තුල පිතිකරුවකු ලෙස ලකුණු 116ක් ලබාගත් අතර ,පන්දු යවන්නෙකු ලෙස කඩුලු 13ක් දවා ගන්නට සමත් වුනේ එක කඩුල්ලකට ලකුණු 8.15 ක ඉතා හොඳ සාමන්‍යයක්ද රඳවා ගනිමිනි.

තරඟාවලියේ ශුරතාව දිනාගත් NCC කණ්ඩායම නියෝජනය කල චතුරංග ද සිල්වා තරඟාවලියේ වැඩිම කඩුලු ලාබීන් අතර දෙවන ස්ථානය දිනා ගන්නට සමත් වුනේ තරඟාවලියේ තරඟ 8ක් තුල කඩුලු 17ක් බිඳ දමා වන අතර ඔහු කඩුල්ලකට ලබා දුන් ලකුණු ප්‍රමාණය 13.52ක් වූ අතර පිතිකරුවෙකු ලෙසද ලකුණු 104ක් ලබා ගන්නට චතුරංග සමත් විය.

අප කතා කල ඉහත සියලු ක්‍රීඩකයන් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අතර ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය එමෙන්ම ශ්‍රී ලංකාවේ තණතිලි වල ඇති අඩු සහය මත වුවත් අපට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ සුපිරි දක්ෂතා ද තරඟාවලියේ දැකගත හැකි විය.

ජනිත් සිල්වා එම ක්‍රීඩකයාය.යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ජනිත් දකුණත් වේගපන්දු යවන්නෙකු සහ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස මෑත කාලයේ ක්‍රීඩා සමාජ මට්ටමේ ඉහල දක්ෂතා පෙන්වමින් සිටින අතර ඔහු මෙම තරඟාවලියේ තරඟ 7ක් තුල පිතිකරුවෙකු ලෙස ලකුණු 123 ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු යවන්නෙකු ලෙස දක්ෂතා පෙන්වමින් කඩුලු 11ක් බිඳ දැමුවේ කඩුල්ලකට සාමාන්‍යයයෙන් ලකුණු 12.18ක් සහ පන්දු වාරයක් තුල ලකුණු 6.48 ක් ලබා දෙමින් ඉහල සමත් කමක් පෙන්වමිනි.

මෙම තරඟාවලියේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතා පිළිබඳව ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු වන බව තරඟාවලිය ආරම්භයේම පැවසු අතර ඔවුන්ගේ පොරොන්දු ඉටු වන්නේ නම් ජනිත් වැනි දක්ෂ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා A කණ්ඩායමේ අවසතාව හිමිවී ජාතික කණ්ඩායමට පැමිණීමට අවශ්‍ය මාර්ගය විවර වනු ඇත.

එසේ වුව හොත් ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බිහිකල සුපිරි ක්‍රීඩකයන් වූ අජන්ත මෙන්ඩිස් ,සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්නගේ නාමයන් අතරට ජනිත්ද සිල්වා නාමයත් එකතු කරන්නට ඔහුට හැකිවේවා යයි සුබ පතන අතරම තරඟාවලියේ දක්ෂතා පෙන්වූ දක්ෂයන් කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

LEAVE A REPLY