ගමෙන් පැමිණි පී. හැරිසන් ඇමැතිතුමාට ගමේ ආර්ථිකය දියුණු කිරීමේ වගකීම මා විසින් ලබාදී තිබෙනවා. ගමේ ආර්ථිකයට වඩා ජනතාව නාගරික හෝ අර්ධ නාගරික ආර්ථිකයට ඇදි යනවා. නැතිනම් මැද පෙරදිග ආර්ථිකයට ගමන් කරනවා. නැතිනම් ඉතාලි ආර්ථිකයට යනවා මලයාසියාව, සිංගප්පූරුව, කොරියාව ආදී ආර්ථිකවලට ගමන් කරනවා. එහි පාඩුව දැනෙන්නේ ගමේ ආර්ථිකයටයි.
අප ගමේ නවීකරණයක් ඇති කරන්නේ කෙසේද? ඒ සඳහා ගම පිළිබඳ දැනුමක් ඇති හොඳ කතිකත්වයක් තිබෙන උපාධිධාරියකු වන හැරිසන් ඇමැතිතුමාට මේ වගකීම භාරදී අප වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා.

ගමේ ආර්ථිකය දියුණු කරන විට පශු සම්පත් ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වන බව කිව යුතුයි. බොහෝ විට ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ. එම නිසා හොඳ ගවයන් ලබාදීමට ගව පට්ටි පවත්වාගෙන යෑම සඳහා උපකාර කිරීමට, කිරි නිෂ්පාදනය දියුණු කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ගමේ කිරි නිෂ්පාදනය දියුණු කරනවා නම් ගම තුළම අලෙවියක් ලබාදීමට කටයුතු කරන්නම්. ගමේ කුඩා දරුවන් සඳහා වසර 05ක් යනතුරු කිරි ලබාදිය යුතුයි. බොහෝ විට දැන් අප දරුවන්ට දෙන්නේ පිටි කළ කිරි බව කිව යුතුයි. එම දරුවන්ට එළකිරි ලබාදිය හැකිදැයි අප කල්පනා කළා. අප එම ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ ගැමි දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහායි. එමෙන්ම කුකුළු කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීමට අප සැලැසුම් සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උසස් කුකුළු වර්ග සිටිනවා. නමුත් අපේ මිල වැඩියි. අමුද්‍රව්‍ය මිල වැඩියි. එම නිසා ලංකාවෙන් අමුද්‍රව්‍ය ලබාගන්නවාද, පිටින් ගෙන්වනවාද යන්න තීරණය කළ යුතුයි. අපට එම ප්‍රශ්නවලට මුහුණදීමට තිබෙනවා. එයින් විශාල වෙළෙඳපොළක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ අංශ කිහිපයක් නවීකරණය කොට ඉදිරියට යෑම අපේ අරමුණයි. ඒ සමඟම ගමේ තරුණ තරුණියන්ට අලෙවිකරණ ශක්තිය ලබාදිය යුතුයි. ඒ සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හොඳ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩසටහන සමඟ එක්ව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

අප ආර්ථිකය පිළිබඳ අලුතින් සිතිය යුතුයි. රුපියල් කෝටි හාරලක්‍ෂ අසූ දෙදහසක විදේශ ණය කන්දක් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් අපට උරුම කර දී තිබෙනවා. එම ණය වසර 10ක් ඇතුළත ගෙවා දැමිය යුතුයි. දේශීය ණය ප්‍රමාණය මීට ගෙªණයකටත් වඩා වැඩියි. අපගේ ආදායම මේ ණය ගෙවීමට වැය වෙනවා. ඒ නිසා අලුත් ආදායම් මාර්ග සොයාගත යුතුයි. රැකියා අවස්ථා විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජනත් අවශ්‍යයි.

ඉදිරියට ගමන් කිරීමට නම් තරගකාරී ආර්ථිකයක් අත්‍යවශ්‍යයි. මා විටින් විට සිංගප්පූරුවට යන විට සිංගප්පූරුවේ ඉගෙන ගන්න තිබෙන්නේ කුමක් දැයි බොහෝ අය කෑගැසුවා. අපේ හිටපු ජනාධිපතිතුමා නම් ඉගෙන ගත්තේ ස්වාසිලන්තය, උගන්ඩාව ආදී රටවල්වලිනුයි. ප්‍රශ්නයක් නැහැ. ඕන තැනකින් ඉගෙන ගන්න අයිතිය තිබෙනවා. මෙවර ඕස්ට්‍රේලියාවේ සංචාරයට ගොස් නැවැත ශ්‍රී ලංකාවට එන අතරතුර සිංගප්පූරු අගමැතිතුමා සමඟ රාත්‍රි ආහාරය ගැනීමට මට අවස්ථාව ලැබුණා. එහිදී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයාත් මුණගැසුණා. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාත් සිංගප්පූරුවෙන් අද පිටවී යෑමට නියමිත බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මා සමඟ පැවැසුවා. එකම ගුවන් යානයේදී ඔහු හමුවේවි යැයි මා කල්පනා කළා. එසේ හමුවුවහොත් ස්වාසිලන්ත සහ උගන්ඩා ක්‍රමය අතහැර සිංගප්පූරු ක්‍රමයට පැමිණීම ගැන ප්‍රශංසා කිරීමට මා කල්පනා කළා. අවාසනාවකට හිටපු ජනාධිපතිතුමා මා ගමන් කළ ගුවන් යානයට පැමිණියේ නැහැ. ඔහු පැමිණ තිබුණේ ඊට පසුව ගුවන් යානයේයි. පාර්ලිමේන්තුවේදී මේ ගැන අසන්නම් යැයි මා සිතා ගත්තා. අප අලුතින් සිතන්නට පුරුදු විය යුතුයි. මහින්ද රාජපක්‍ෂ මහතාත්, අලුතින් සිතනවා නම් හොඳයි. එය රටටත් හො¼දයි. එක තැනක සිරවී පරණ අදහස් සමඟ ඉදිරියට යන්නට බැහැ. ඉතින් අපි අලුත් අදහස් සමඟ ඉදිරියට යමු. අලුත් අදහස් නිසා චීනය වෙනස් වුණා. ජපානය, කොරියාව, වියට්නාමය, තායිලන්තය, මලයාසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වෙනස්කම්වලට ලක්වුණා. බංග්ලාදේශය ටිකෙන් ටික වෙනස් වෙනවා. මේ හැම රටකටම වඩා මුලින්ම වෙනස් වීමට කල්පනා කළේ ශ්‍රී ලංකාවයි. එහෙත් අප යුද්ධය අවසන් වූ පසුවත් එකතැන හිරවී ඉන්නේ ඇයි? ඊට හේතුව කුමක්ද? අප පළමුවෙන්ම ජාතික සමඟිය ආරක්‍ෂා කළ යුතුයි. නිකරුණේ ගහ මරා ගැනීමෙන් පලක් වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ රැඳී ඉන්නේ වෙනත් රටකට යෑමට හැකියාවක් තිබුණත් නොයන මෙරටට ආදරය කරන පිරිසකුයි. මෙරට දෙමළ දරුවන් ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා යනුවෙන් දෙමළ බසින් ගායනා කිරීම කොතරම් හොඳ දෙයක්ද, එක මවකගේ දරුවන් වශයෙන් අර්ථ දැක්වීම කොතරම් හොඳ දෙයක්ද, දන්න දෙමළ භාෂාවෙන් ඔවුන්ට ජාතික ගීය ගයන්නට ඉඩ දෙනවාදා නැතිනම් කටවහගෙන ඉන්නැයි කියනවාද, දැන් අප දන්න අයට දෙමළ බසිනුත් සිංහල අයට සිංහල බසිනුත් ජාතික ගීය ගැයීමට අවස්ථා ලබාදී තිබෙනවා. දැන් සියලුම ශ්‍රී ලාංකිකයන් ජාතික ධජයට ආචාර කරනවා. මේ අයුරින් ජාතික සමඟිය ස්ථාපිත කොට රට දියුණුවට පත්කර ඉදිරියට යා යුතුයි.

LEAVE A REPLY